මහමග ගස් වැටීම, ගස්කැපීම සහ ගස් වැවීම

0
215

DSC_1251(18.01pm)මීගමුව  පරණ  උසාවිය  පාරේ  දුරකථන  පෙට්ටියක්  මත  පාර  අයිනෙහි  තිබුනු  ගසක්  ඊයේ (10 )  කඩාවැටී  තිබින.  මෙම  ගස  කුඩා  එකකි. ගස  කුඩා  වුවද  වැටී
ඇත්තේ උසාවියට  සහ මීගමු  නගරයට  යන  ප්‍රධාන පාරකටය. එය  කපා  සුද්ධ කිරීමට  කිසිවෙකු  මේ  වනතෙක්  (සවස 5 වනවිටත්) පැමිණ  සිටියේ  නැත.  එය  පුදුමයට
පත්වීමට  හේතුවක්  නොවන්නේ  ඊට  අදාල  පසුබිමක්  මීගමු  නගරයේ  තිබෙන බැවිනි. මන්ද  මෙහි  ගස්  කැපෙන්නේත්  ඒවා  සුද්ධ  කෙරෙන්නේත්  ඊට  අදාල
තත්වයන්ට  අනුව  වීමය. ඒ  අනුව  මෙම  ගස්  දිගින්  සහ  පළලින්  යුතු  ඒවා  විය  යුතුය.  එනම්  වැඩි  ලී  ප්‍රමාණයක්  ලැබියහැකි  වියයුතුය.  ගස
නොවටිනා  එකක්  වුවත්  ගස  කැපීමෙන්  පසු  එම  ඉඩකඩ  නිසා  ඉන්  වාසියක් ලැබිය  යුතුය. මෙවැනි  ගස්  සුළගට  නොවැටෙන  නමුත්  අවශ්‍යතාවයට  අනුව
ඒවා  කැපීමට  අවශ්‍ය  පසුබිම  හදාගැනේ.  එවිට  ඉක්මනින්ම  ගස  කැපේ. අතු ඉති  කැපී  ගස  සුද්ධකර  ගස  ඉවත්  කෙරේ. මීගමුව  ආර්පිකෝ  ආයතනයේ
ජනතාවට  සෙවන  සැපයු  විසල්  ගසක්  ඉවත්  කිරීමට  ගතවූයේ  පැය  කිහිපයකි. අප   මේ පිළිබදව  දාල  බලධාරීන්ගෙන්  විමසූ  නමුත්  ඔවුන්ට  මේ  සදහා
දීමට  විවිධ  වර්ගයේ  පිළිතුරු  තිබින. මීට  පෙර  රාජපක්ෂ  උද්‍යානයේ විසල්  ගස්  ගනනාවක්  කැපී  ගියේ  ඒවා  අනතුරු  දායකය,  ඒවායේ  කඩතොළු
තිබෙනවාය,  නැතිනම්  රෝග  සෑදී  දුර්වල  වී  තිබෙනවාය, ඒ  ගැන  පැමීණිළි ලැබී  තිබෙනවාය.  යනාදී  වශයෙන්  කරුණු  මතු  කරමිණි.  නමුත්  අපගේ
විමසුම්  වලදී  වෙරළ සංරක්ෂණ  අමාත්‍යාංශය,  මාර්ග  සංවර්ධන  අධිකාරිය පවසා  සිටින්නේ  එලෙස  ගස්  කැපිය  නොහැකි බවත් ,ඒසදහා   ක්‍රමවේදයක්  ,
නීතියක්  තිබෙන  බවත්ය.
මෙම  තීරණය  ගතයුත්තේ  සහ  ගතහැක්කේ   තුරුලතා  ගැන  අවබෝධයක්  ඇති උද්භීද  විද්‍යාත්මක  දැනුමක්  ඇති  අයෙකුට  පමණක්  බව  අප  අසා
ඇත්තෙමු.  මිගමුවේ  එවැනි  දැනුමක්  ඇති  අයෙක්  සිටී  දැයි  අපි නොදනිමු. එමෙන්ම  ගස්  කැපෙනවා  මිස  මේ  වනතෙක්  එක්  ගසක්වත්  සිටවූ
බවට  ආරංචියක්  අපට  ලැබී  නැත. අප  දන්නා  නිවැරදි  ක්‍රමය  නම්  ගසක් කැපූවිට  තව ගසක්  හෝ  කිහිපයක්  සිටුවීම  වගකීමක්  සහ  යුතුකමකි.
එවැනි  ක්‍රියා මාර්ගයකට  අවතීර්න  වන්නට  පාලකයින්ගේ  මනස  යොමු  වේවායි
අපි  ප්‍රාර්තනා  කරමු.