මහමඟ හරස් කොට විරෝධතා දැක්වු ත්‍රිරෝද රථකරුවන්ට නත්තලත් අහිමිවෙයි ?

0
48

3 weel issueයෝජිත රථවාහන නීතියට එරෙහිව මීගමුවේදි මහමඟ සහ දුම්රිය ම ඟ හරස් කොට විරෝධතා දැක්වු ත්‍රිරෝද රථකරුවන්ට පිරිසකට ඇප ඉල්ලා ඔවුන්ගේ නිතිඥයන් ගරු අධිකරණය හමුවේ කියා තිබුනේ ඒ අයට නත්තල් සැමරිම සදහා ඇප ලබාදෙන ලෙසය.
එහෙත් ඔවුන් විසින් කරන්නට යෙදි තිබුණ වරදේ බරපතල කම මත පොලිසියද ඇප ලබාදිම ප්‍රතික්ෂේප කර තිබුණ අතර ඒ අනුව දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින 22 කට අධික ත්‍රිරොද රථ රියදුරන් වෙත ඇප අහිමිව ගොස් තිබුණි.
ඔවුන් යළිත් වරක් අධිකරණය හමුවට දෙසැම්බර් 28 වනදාට පැමිණවිමට නියමිතය.