මහවීදිය පල්ලියේ පැවැත්වෙන රාජ්‍ය නත්තල්  උත්සවය සදහා ලක්ෂ 75 ක් ?

0
265

st-mary-s-church-grand2016 වසර සදහා වු රාජ්‍ය නත්තල් උත්සවය මෙවර පැවැත්වෙන්නේ මීගමුවේදිය. දෙසැම්බර් 22 වැනිදාට යෙදි ඇති මෙම උත්සවය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

“කිතු උපතින් නැවුම් වන මිනිසත් බවට ඉඩ දෙමු”
යන්න මෙවර නත්තල් උත්සවයේ තේමාව වන අතර එය පැවැත්වෙන්නේ මීගමුව මහවීදිය  දේවස්ථානයේදිය.

රාජ්‍ය නත්තල් උත්සවය සදහා රුපියල් ලක්ෂ 75 ක්  මුදල් ප්‍රතිපාදන රජය මගින් ලබා දී ඇති බව මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදි ප්‍රකාශයට පත්ව ඇති බව මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණි.