මහසභා රැස්විමෙන් පසු දවල් ආහාරය එපා ?

0
74

කැම්ලෝට් බිච් හෝටලයේ පැවති අයවැය සාදය වෙනුවෙන් ලක්ෂ දෙකාමාරක මුදලක් වැය කිරිම ගැන විපක්ෂයේ රවි ජිවානන්ද ප්‍රමුඛ මන්ත්‍රිවරුන් පිරිසක් මහත් කැළඹිමකට පත්ව පසුගිය මහ සභා රැස්විමකදි මේ සම්බන්ධයෙන් ලෙඩක් අදින්නට සුදානමක්  තිබුන බව අප දැනටමත් වාර්ථා කර ඇත්තෙමු.
එහෙත් එය වැලකි ගොස් තිබුනේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙක් විසින් ඇයි උඹල කෑවෙ බිව්වේ නැද්ද යැයි විමසිමත් සමගින්ය.
මහජන මුදල් මේ නගර සභාව තුල නිකරුනේ වියදම් කරද්දි මීක් කියන්නේ නැති ඇතැම් විපක්ෂ මන්ත්‍රිවරුන්ට අපි මෙසේ කියමු.
සෑම මහනගර සභා රැස්විමකින්ම පසු 150 කට පමණ හොද කෑම වේලක් මහනගර සභාව විසින් මහජනයාගේ බදු මුදල් වලින් සපයනු ලැබේ.
රවි මන්ත්‍රිතුමෙනි ආණ්ඩුවේ මහජන මුදල් නාස්ති කිරිමට එරෙහි කැරල්ල දැන්වත් පටන් ගන්න. මහසභා රැස්විමෙන් පසු බත් එපා යැයි කියන්න..