( 8.30 pm ) කොරෝනා අර්බුදය හමුවේ නිසිඅදායමක් ලබාගැනිමට නොහැකිව පිඩාවට පත්ව සිටින ජනයා වෙත අදාල නිර්ණායක පදනම් කොට ගෙන රු 5000 ක මුදලක් ලබාදිමට රජය ගෙන ඇති වැඩපිළිවෙල මේ වන විට ගැටළුකාරි වි ඇත.
මීගමුව 159 / ඒ මහහුණුපිටිය ග්‍රාම සේවා වසම තුල රු 5000 ලබාදිමට සුදුස්සන් තෝරාගැනිමේ වැඩපිළිවෙලට අදාලව ඇති ගැටළුකාරි තත්වය පිලිබදව විවිධ චෝදනා ප්‍රදේශවාසින්ගෙන් අද එල්ලවි තිබුණි.
ඔවුන් කියා සිටින්නේ මේ වසම තුල පවුල් 1200 කින්න පුද්ගලයන් 6500 ක් පමණ සිටින බවත් මේ අයගෙන් රු 5000 ලැබිමට සුදුස්සන් ලෙසින් තෝරාගෙන ඇතතේ 405 ක් පමණක් බවත්ය.
එමෙන්ම මෙහි රාජ්‍ය සේවයේ නියුතු අය සිටින්නේ 25 දෙනෙකු පමණක් බවත් රැස්වි සිටි ජනයා මාධ්‍යහමුවේ කියා සිටියේය.මේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරිවරිය කියා සිටියේ රු 5000 ලැබිමට සුදුස්සන් තේරිම කමිටුවක් විසින් සිදුකළ බවත් එයට ග්‍රාම නිළධාරි, සමෘද්ධි නිලධාරි සහ සංවර්ධන නිළධාරි යන තිදෙනා ඇතුලත්ව සිටි බවත්ය.
මතුව ඇති තත්වය හමුවේ මෙම ස්ථානයට පැමිණ සිටි හිටපු පළාත් සභා මන්ත්‍රි සාෆි රහිම් කියා සිටියේ මේ ආකාරයෙන් සිදුවෙමින් ඇති අසාධාරණයන් ගැන ගරු ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු විය යුතු බවය.
ඡායා සහ විඩියෝ .එම් .ඉසෙඩ් සහජාන්