මහා දවලෙත් ගොඩ මුහුදේ පෝඩු දැල් දමයි

0
452
තහනම් දැලක් නොවන කරමල් දැල යොදා ගනිමින් මසුන් අල්ලාගත් ධීවරයින් පිරිසක්

මේ දිනවල මිගමුව – පළඟතුරේ ප්‍රදේශයේ සම්ප්‍රදායික ලෙස ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර කණ්ඩායමක් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ අනවසර දැලක් යොදා ගනිමින් සිදුකෙරෙන මසුන් ඇල්ලීමක් වන පෝඩු දැල් යොදා ධීවර කර්මාන්තයේ නියැලීමයි. මෙම ගැටළුව නිසා දෛනිකව ඔරු හා තෙප්පම් රුකියාවල කරමල් දැල යොදාගෙන සිදුකරන කුඩා මසුන් අල්ලන ධීවරයින් විශාල ලෙස පාඩු ලබති. මේ තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් ධීවර කාර්යාලයට මෙන්ම ධිවර අමාත්‍යවරයාටත් ඉල්ලීම් සිදුකර ඇති බව ධීවරයින් පවසන අතර මේ වනවිට දහවල් කාලයේත් මෙම පෝඩුදැල් යොදාගෙන මුහුදේ මසුන් ඇල්ලීම සිදුකරන අකාරය දැකගත හැකිය.
එමෙන්ම මෙම දැල භාවිතා කරන්නන් මුහුදේදී අත්අඩංගුවට ගන්නට නොහැකි නම් මේවා නම් ලග තබාගෙන සිටිද්දී අත්අඩංවට ගතනොහැක්කේ ඇයිදැයි ධීවරයින් විමසා සිටිති.

තහනම් දැලක් නොවන කරමල් දැල යොදා ගනිමින් මසුන් අල්ලාගත් ධීවරයින් පිරිසක්
තහනම් දැලක් නොවන කරමල් දැල යොදා ගනිමින් මසුන් අල්ලාගත් ධීවරයින් පිරිසක්