මහා නගර සභාවෙන් පෙරියමුල්ල ජුම්මා මස්ජිත් මාවතේ  කානු  පවිත්‍ර කරයි.

0
220

මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් මීගමුව පුදේශයේ ⁣බොහෝ තැන්වල ප්‍රධාන මාර්ග දෙපස ඇතුළු අතුරු පාරවල් සහ මාවත් දෙපස ඇති කානු මාර්ග ඇහිරි වැසි ජලය ඇතුළු අප ජලය නිසි ලෙස ගලා බැස යාම සිදු නොවන අවස්ථා සුලභව දැක ගත හැකිය.  ඒ හේතුවෙන් මීගමුව  ප්‍රදේශයේ බොහෝ පාරවල් සහ මාවත්  වැසි ජලයෙන් යටවී ඇති ආකාරය දැකගත හැකි විය.
              එවැනි තත්වයක් තුල පසුගිය දිනවල මීගමුව මහා නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයින් විසින් මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ ජුම්මා මස්ජිත් මාවතේ ඇති කානු මාර්ගය ආවරණය කර තිබූ කොන්ක්‍රීට් ආවරණ ඉවත් කර එම කානු මාර්ගයේ හිරවී තිබූ අවශේෂ අපද්‍රව්‍ය සහ එහි සිරවී තිබු පස් ඉවත් කිරීමේ කාර්යයක නිරත විය.
            මහ නගර සභාවේ සෞඛ්‍යංශයේ සේවකයන් විසින් සිදු කළ මෙම කාර්යය  බොහෝ දෙනකුගේ පැසසුමට හේතු විය.  එයට හේතු වූයේ මීගමුවේ සමහර ප්‍රදේශවල විශේෂයෙන්ම පෙරියමුල්ල   ප්‍රදේශයේ ජුම්මා මස්ජිත් මාවත ඇතුළු බොහෝ පාරවල් වල සමහර ස්ථාන පසුගියදා ඇති වු සුළු වැස්සකදී පවා  වැසි ජලයෙන් යට වු  හෙයිනි.

එස්.මුනියර්.

img 20241014 wa00272873291170193926888

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here