මහා පරිසර විනාශයක් අභියස පා.මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි දවල් මිගෙල් රෑ දනියෙල්ට ඇදීම ??

0
731

22852947_544362869240648_1591994239572481856_nවසර 4ක පමණ තිස්සේ සිදුවන අඹකදවිල සමිදුගම බහුමාන් වත්තේ වැලි කැපීමට එරහිව එම ප්‍රදේශයේ ජනතාව සහ ප්‍රදේශයේ කතෝලික පියවරුන් විරෝධය දක්වති. මහාපරිමාණයෙන් සිදුවන මෙම පරිසර විනාශය සම්බන්ධයෙන් සියලූම රාජ්‍ය ආයතන වලටත් ජනාධිපතිවරයාටත් දැනුම් දී තිඛෙන බව  අඹකදවිල මීසම්පාලක ගරු පීටර් බොතේජු  පියතුමා පවසයි.
මේ සම්බන්ධයෙන් පුත්තලම් දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සෘජු සම්බන්ධයක් තිඛෙන බව පසුගියදා ජනතාව විසින් විරෝධය පළකිරීමට අලවා තිබූ වූ පොස්ටර් ගැලවීමෙන් පෙනී යයි.
මෙම වැලි කැපීමේ කොන්ත්‍රාත්තුව බාර පුද්ගලයා වර්තමාන රජයේ නියෝජනය කරන දේශපාලන ක්‍රියාධරයන් හට මුදල් අල්ලස් ලබාදෙන බවද අඹකදවිල ජනතාව පවසති. මෙම කාරණයේදී නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේද නම සම්බන්ධ වී තිඛේ.
දැන්  වැලිකැපීමට විරුද්ධව මේ ප්‍රශ්නයේ එක් පැත්තක ජනතාව සිටින අතර පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ජනතාවට සේවය කරන්නට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙක් සිටිති.
ඔවුන්ගෙන් අඹකදවිල ජනතාවගේ මෙම ප්‍රශ්නයට ඉතාම කිට්ටුවෙන් සිටින්නේ සිසිර කුමාර අඛේසේකර සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන් දෙදෙනායි.
මේ දෙදෙනාගෙන් ශාන්ත අඛේසේකර මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය ගැන ජනතාවටද කිසිදු පැහැදීමක් නොමැත.
ඔහු විසින් පසුගියදා අඹකදවිල ගරු පීටර් බොතේජු  පියතුමා හා ඇතිවූ කලබගෑනියේදී එය මනාව ඔප්පු විය.
පා.මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි  පුත්තලම් දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටුවේ  සභාපතිවරයායි. සංවර්ධන කමිටුවේ  සභාපතිකම ලැබුණ දිනවල නයිනමඩම පාලම අසල ගසා තිබූ බැනරය ගලවන්නට ද අවරුද්දකටත් වඩා ගතවිය.
නමුත් ජනතාව විසින් මතුකරමින් සිටින මේසා විශාල පාරසරික ප්‍රශ්නයක් හමුවේ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා නෑසූකන්ව සිටි.
යම්කිසි දූෂිත ක්‍රියාවක් සිදුවනවා නම් ඒ සම්බන්ධව නිශ්ෂබ්දව සිටිනවා යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
එමගින් එම දූෂිත ක්‍රියාවට වක්‍රව අනුබලදීමක් සිදුකරන බවයි.  හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් මැදිහත් නොවීමට වගබලාගෙන ඇතිවා පමණක් නොව   අඹකදවිල පිහිටා ඇති සෙනුරි ඇක්වා කල්චර් නම් ව්‍යාපෘතිය තුළ වැලිකැපීමක් සිදුනොවන බවටත් එහි ජනතාවට ප්‍රතිපාදන සපයන සාර්ථක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බවටත් කටමැත දොඩවයි. නමුත් අඹකදවිල ජනතාව පවසන්නේ දැනට වසර 4ක් තිස්සේ එම ඉඩමේ වැලි කැපිමක් හැර දියත්වන ජලජීවී ව්‍යාපෘතියක්නම් නොමැති බවයි.
මෙම පරිසර විනාශය සම්බන්ධයෙන්  ලිපියක්  පළකළ මාධ්‍යවේදියෙකුගෙන් වරෙක හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා අසා  තිබුණේ ඇයි ජනතාව නොමග යවන්නේ කියායි. පසුව මේ මාධ්‍යවේදියා ඔහුට ප්‍රතිපිළිතුරු දී තිබුණේ මම ලියා තිඛෙන්නේ බොරුවක් නෙමෙයි පුලුවන්නම් බොරු කියා ඔප්පු කරන ලෙසයි. පසුව මන්ත්‍රීවරයා එම මාධ්‍යවේදියාට පිටට තට්ටුවක් දමා මම එය කීවේ විහිලුවට යැයි පවසා තිබිණි.
තමන්ට ලැබුණ ජන්ද යූඑන්පී ඡන්ද පමණක්ම නොවන නිසා දෝ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා බොහෝ අවස්ථාවන් වලදී ප්‍රදේශයේ මෙවැනි මහජනතාවට බලපාන පාරසරික විරෝධී මෙන්ම ,වංචා දූෂණ ගැටළු වලදි දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරයි. මාරවිල කෝප්සිටියේ නඩුව ද ඒකට හොදම උදාහරණයකි.  කෝප්සිටියේ පැවති නිලවරණයේ තීන්දුව වැරදි සහගත එකක් බවට පැවරූ නඩුවේ පැමිණිලිකරු එජාප පාක්ෂිකයෙකි. විත්තිය  එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ආධාරකරුවෙකි.  ඔහු මාලන් අප්පුහාමිය -ඔවුන් මහ මැතිවරණයේදී හෙක්ටර් අප්පුහාමි සමග එකතු විය. ඒ දීගය ඉදිරියටත් අවශ්‍යයවේ. ඒ නිසා මන්ත්‍රීවරයා නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙස තමන්ගේ  පාක්ෂිකයාට  බලපෑම් කරමින් සිටියි. මුලදී නඩුවට වියදම් දෙනවා කියූවද දැන් නඩුවට වියදම් කරන්නේ නැත. නාත්තන්ඩිය ආසන සංවිධායක පා.මන්ත්‍රී අශෝක ප්‍රියන්ත අනුන්ගේ ඉඩමක් බලෙන් අයිතිකරගන්නට ගොස් ඔහුට විරුද්ධව නඩුවක් පවරා තිඛේ. ඒ මදිවාට අශෝක ප්‍රියන්තගේ ගෝලයෝ නාත්තනඩිය සහ අවට පොල් ඉඩම් වල වැලි ටික හාරමින් වැලි ඡාවාරමේ යෙදී සිටිති. මේවා ගැන කෙලින් කතාකරන එජාප ක්‍රීයාකාරිකයන්ට හෙක්ටර් අප්පුහාමිගෙන් කිසිදු අවස්ථාවක් නොලැඛේ.
මහවැව සම්බන්ධීකරණ කමිටුව තුළ  ඒ ගැන හඩක් නගන්නට   හෝ නාත්තන්ඩිය ප්‍රාදේශීය සම්බන්ධිකරන කමිටු දෙකකින් එකකට වත් කෙලින් කතාකරන ක්‍රියාකාරීන්ට ආරාධනයක් නොමැත. මහවැව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව පැවැත්වෙන්නේ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් වුවද එජාප ක්‍රියාකාරී සාමාජකයන්ව දැන් මාස ගණනකින් එම කමිටුවට කැදවා නොමැත. මේවා අහම්බයෙන් සිදුවන දේවල් නොවේ.  තමන්ට අවනත පිරිසක් පමණක් තමන් වටේ ගොඩනගාගෙන, සන්ධානයෙන් එකතුවූ සාමාජිකයන්වද සතුටු කරගෙන හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා සංවර්ධනය යනු,පාරවල් හැදීමත්, දුප්පතුන්ට නිවාස තැනිමත් යන පටු  තේමාවන් වල කැරෙකෙමින් හොරුන්ට හොරකම් කරගන්නටද ඉඩදී මේ කල්මරන්නේ  කුමකටද?  කිසිවෙකුත් තරහා නොකරගෙන තමන්ගේ  ජාම ඛේරගෙන සිය වරප්‍රසාද ටික භුක්ති විදීමට  පමණි.

මේ අර මහින්ද රාජපක්ෂ සමයේ සිදුකළ පරණ සෙල්ලමමය.

වාර්තා වන   අන්දමට පුත්තලම් දිස්ත්‍රික්කයේ වැව් වල පස් ටිකටත් වැඩේ සිද්ධවී හමාරය. පොදු පෙරමුණ රජය කාලේ පස් සහ වැලි කැපූ දේශපාලකයින්ට දැන් නිවාඩුවක් දී යූඑන්පී ම්නත්‍රීවරු ඒවා බාරගෙනය.
හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා මෙම ප්‍රශ්න මතුකිරීමට බලාසිටින කිසිවකුටත් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට කැදවන්නේ නැත.ඔවුන්  මහින්ද රාජපක්ෂගේ දූෂිත ආණ්ඩුව පරාජය කිරීමට කාලයක් පුරා කැපවී ක්‍රියාකළ එජාප ක්‍රියාකාරින්ය. දැන්  ඔවුන්ගේ හඩ යටපත්කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ බලයත්,සංවිධායකධුරයේ බලයත් ඔහු විසින් පාවිච්චි කරන බව පෙනෙන්නට  තිඛේ.   අශෝක ප්‍රියන්ත මන්ත්‍රීවරයාද නාත්තන්ඩිය ආසනය තුළ ඒ දේම කරමින් සිටියි. මොවුන් පාර්ලිමේන්තු යවන්නට දරදිය ඇද්ද එජාප ක්‍රියාකාරීන්ට සිදුවී ඇත්තේ දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන හිදීමටය.
අඹකදවිල පරිසර විනාශය සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට කරන්නට කෙහෙල්මලක් ඉතිරි කර නොමැත. සියල්ල දේශපාලන බලයෙන්,වසගයෙන් වසං කරගෙන සිටී.
ජනතාධිපතිවරයා පරිසරය විෂය භාරව ඇති රටක හෙක්ටර් අප්පුහාමිලා ඒවාට ද වෙට්ටු දමයි.  වැලි හොරුන්  රජ කරවයි.   පරිසර විනාශයන් ගැන හෙළිදරව් කරන මාධ්‍යවේදීන්ගේ පිටට තට්ටු  දමයි. මේ කරන්නේ තමන්ට බලය දුන් ජනතාවගේ  බලාපොරොත්තු වලට වෙට්ටු දැමීමකි. මේවා නොදන්නා තරමට නොතේරෙන තරමටද ජනතාව මෝඩයන් නොවේ.
ඇන්ටනි ප්‍රනාන්දු
මහවැව
11831719_1160918077258272_3872719928868540135_n

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here