මහින්දගේ දේශපාලන කුමන්ත්‍රණය මෙහෙයවන්න රුසියානු විශේෂඥයින් දිවයිනට

0
108

12 ways hack any social network and protect yourself 2018.1280x600

පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියානුවන් කණ්ඩායමක් විසින් ජනාධිපතිවරණයේ  ප්‍රථිඵල වෙනස් කිරීම සදහා මැදිහත්වීමක් සිදුකල බවට ලොවපුරා දැඩි කථා බහට ලක්විය. මෙම මැදිහත්වීම සඳහා රුසියානු මාෆියා සංවිධාන මෙන්ම තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් ද එක්ව සිට ඇත. මේ වන විට කොළඹට පැමිණ ඇත්තේ තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයන් ලෙස කටයුතු කර ඇති පුද්ගලයන් දෙදෙනෙකු බව වාර්ථා වෙයි.

ඔවුන්ගේ හමුවීමේ මැදහත් කරු ලෙස කටයුතු කර ඇත්තේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජලතිලක වන අතර නාමල් සහ යෝෂිත මීට පෙර රුසියාවට ගොස් පෞද්ගලිකවම මෙම රුසියානුවන් දෙදෙනා හමු වී ඇත.

සමාජජාල කප්පිත්තන් සේ සැලකෙන මෙම රුසියානු පුද්ගලයන් දෙදෙනාගේ දේවය ලබාගැනීමට රාජපක්ෂ පිරිස කටයුතු කර ඇත්තේ ඉදිරියේදී ඔවුන් විසින් සිදුකරන දේශපාලන කටයුතු සහ දේශපාලන කුමන්ත්‍රණ වෙනුවෙන් මෙරට සමාජ ජාලා මෙහෙයවීම හා ඒ සඳහා අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් පුහුණු කිරීම සදහායි.

මේ වන විට රාජපක්ෂ කල්ලිය විසින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය බහුතරයක් තමන්ගේ හෙන්චයියන් බවට පත්කරගෙන ඇති අතර ඔවුනට මෙල්ල කරගත නොහැකිව ඇත්තේ සමාජජාලයන් පමණි. ඒ අනුව ඒ සදහා සමාජ ජාලා මාධ්‍ය පාලනය කරගත හැකි සහ මෙහෙයවිය හැකි තාක්ෂණික දැනුමින් සන්නද්ද පිරිසක් නිර්මාණය කිරීම රාජපක්ෂලාගේ අළුත්ම උත්සාහයයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here