මහින්දගේ හෙට රැස්විමේ සංවිධාන කටයුතු මෙහෙයවන්නේ ඇමති ලංසාගේ ලේකම්වරයෙක් ?

0
53

lansa 11ලංකාවේ සියළුම පළාත් පාලන ආයතනයන්හි ශ්‍රිලනිප මන්ත්‍රි වෙත ආරාධනා කර ඇති හෙට කොච්චිකඩේ රැනෝවෙල් හෝටලයේදි පැවැත්විමට නියමිත දැවැන්ත රැස්විමේ ප්‍රධාන සංවිධාන කටයුතු වල නිරතව සිටින්නේ යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිධුරයක් දරන නිමල් ලංසාගේ ලේකම්වරයෙකු  විසින් යැයි මීගමුව මහනගර සභා ආරංචි මාර්ග දක්වා සිටි.
හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්නගේ දේශපාලන හිතේෂිවන්තයෙකු වු ඔහු පසුව ගෙබි කරණමකින් නිමල් ලංසා වෙත හේත්තු වුවෙකි.
හෙට පැවැත්වෙන රැස්විමේ ආරාධනා පත් මෙන්ම අනෙකුත් සංවිධාන කටයුතු සොයා බලමින් මෙහෙයුම් කටයුතු වල නිරතව සිටින ඔහු මීගමුව මහනගර සභාව විසින් දරුවන්ට නොමිලේ ලබාදිම සදහා දුන් අභ්‍යාස පොත් කඩවලට විකුණා අසුවු නාගරික මන්ත්‍රිවරයෙකි.
හෙට පැවැත්වෙන රැස්විමේ සංවිධාන කටයුතු භාරදිම සදහා මෙයද එක් සුදුසුකමක් වන්නට ඇතැයි නම සදහන් කිරිමට අකමැතිවු ශ්‍රිලනිප මන්ත්‍රිවරයෙකු මීපුරට කියා සිටියේය.