මහින්දට මුඛ වාඩම් දමන්නැයි ජාතික සංවිධාන බැසිල්ට කියයි!

0
160

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ විසින් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනකට ජාතික සංවිධානවල බලවත් විරෝධයක් එල්ලවෙමින් තිබේ.   ‘ළඟ චූන් සිංහලයෝ කොටසක් ළඟඳිම ගෝඨාට එරෙහි වෙනවා!, භූමදානයට ඉඩ දීලා මුස්ලිම් ඡන්දවලින් හරි රට හදන්න ඕන! ” යයි දැඩි බැසිල්වාදියකු ලෙස ප්‍රකට මහින්ද පතිරණ එම ෆේස්බුක් සටහනින් අවධාරණය කර තිබිණ.   ඒ සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශගේ ජාතික සංවිධාන ජාලය විසින් පවත්වාගෙනයන  Lanka Lead News දැඩි විරෝධයක් පළකරමින්,  ”බැසිල් මැතිතුමනි ගෝඨාභය රාජපක්ෂ මැති තුමාගේ ජන වරම ආරක්ෂාකර ගැනීමට මේ “හරකා” ට මුඛ වාඩම් දමන්න!” යන ශීර්ෂයෙන් යුතුව වාර්තාවක් පළකර ඇත.  

dgsef

    එම පුවත් විග්‍රහයේ මෙසේ සඳහන් වේ.   ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතාව සමාජය හඳුනන්නේ දැඩි “බැසිල් රාජපක්ෂ වාදියෙකු” ලෙසයි.    සමහරුන්ගේ විග්‍රහයට අනුව මහින්ද පතිරණ මහතා ලවා බැසිල් රාජපක්ෂ මහතා තමන්ට අවශ්‍යය දේ කියවා ගනී. කෙසේ වුවද අපි එතරම් අන්තවාදී අන්තයන්ට තල්ලු වීමට සූදානම් නැත.  

සමහරුන්ගේ විග්‍රහයට අනුව මහින්ද පතිරණ මහතා ලවා බැසිල් රාජපක්ෂ මහතා තමන්ට අවශ්‍යය දේ කියවා ගනී. කෙසේ වුවද අපි එතරම් අන්තවාදී අන්තයන්ට තල්ලු වීමට සූදානම් නැත.  

එහෙත් මහින්ද පතිරණ මහතාට එරෙහිව සමාජ ජාලා හරහා එල්ල වන පිලිකුල් ප්‍රතිචාර හේතුවෙන් ඒ මහතාගේ ක්‍රියා කලාපයන් පිළිබඳව අවදියෙන් සිටියෙමු.    එහිදී අපට දැක ගත හැකි වූයේ මහින්ද පතිරණ මහතා ඉතාම නිර්ලජ්ජිත ලෙස ගෝඨාබහය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අතිවිශාල දායකත්වය දැක්වූ සමාජ කොටස් සමච්චලයට අවමානයට භාජනය වන ලෙස මතවාද සමාජගත කරමින් සිටින බවයි.   අනෙක් අතට මුස්ලිම් අන්තවාදී කොටස් උත්තේජනයට පත්වන ආකාරයේ ක්‍රියා මාර්ග වලට ආණ්ඩුව කටයුතු කළ යුතු බව හැඟවෙන ආකාරයේ මතවාද පතුරුවමින් සිටී.    ඔහු විසින් ඔහුගේ “ෆේස් බුක් ” පිටුවේ තැබූ සටහනක් ආරම්භ වන්නේ “මම මුස්ලිමුන්ට භූමිදාන අයිතිය දෙන්න කියන්නෙ පැහැදිලි දේශපාලන වුවමනාවට. ඔය ආගමික අයිතිය වගේ බයිල මට වැඩක්ම නැහැ.” යනුවෙනුයි.    එම සටහන ඔහු අවසන් කරන්නේ ඔහු විශ්වාස කරන ක්‍රියාමාර්ග වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පෙනී සිටිනවා (නැතහොත් පෙනී සිටවනවා) යන අධිෂ්ඨානය ඇතිවයි.

  ”ඔහු විසින් ඔහුගේ “ෆේස් බුක් ” පිටුවේ තැබූ සටහනක් ආරම්භ වන්නේ “මම මුස්ලිමුන්ට භූමිදාන අයිතිය දෙන්න කියන්නෙ පැහැදිලි දේශපාලන වුවමනාවට. ඔය ආගමික අයිතිය වගේ බයිල මට වැඩක්ම නැහැ.” යනුවෙනුයි. එම සටහන ඔහු අවසන් කරන්නේ ඔහු විශ්වාස කරන ක්‍රියාමාර්ග වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පෙනී සිටිනවා (නැතහොත් පෙනී සිටවනවා) යන අධිෂ්ඨානය ඇතිවයි.”  

ඔහුගේම වචන තවත් ස්ථානයක “ෆේස් බුක්”පිටුවේ සටහන් වන්නේ ” මුල ඉඳල මේ වසංගතය මැද්දෙන් යහපාලුවන් විනාශ කරපු ආර්ථිකයක් කරේ තියන් දුවනකොට ඔය 69 ලක්⁣ෂෙ අර කියපු ලඟචූන් නාගරික, අතරමැදි පිරිසෙන් කොටසක් හැලෙනව. කාර් අනං මනං පූජා කරන්නෙ නැති හින්ද සමහර හාමුදුවරුවරුත් හැලෙයි. ඔය දැනුත් වෙලා තියෙන්නෙ. අන්න එතෙන්දි අපට ස්ථිරසාර ඡන්ද බැංකුවක් අවශ්‍යයි. මං හිතන්නෙ මුස්ලිම් ඡන්ද අපට එවැනි විභවතාවක් පෙන්වන තැනක්. වසංගත කාලෙ මේක කොහොමහරි වත්තම් කරගෙන ගිහිල්ල ඒ අතර හැලෙන ඡන්ද ටික හැලෙන්න ඇරල, ඒ හැලෙන ඡන්ද ටික වෙනුවෙන් කවුරුහරි එකතු කරගෙන ආණ්ඩුව කරල මීයො අල්ලනව නම්, පූසා ප්ලාස්ටික් වුනත් මොකද කියල අවසානයේ ගෝඨාභය මේ රටේ ආර්ථිකය උස්සල තිබ්බොත් එහි ප්‍රතිලාභ මේ මුළු රටටමයි. ගෝඨාභය ඒක කරන බව විස්වාසයි.” ලෙසයි.

  ”මේ වන විට මහින්ද පතිරණ මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් පොදු ජන එක්සත් පෙරමුණ තුළ සිටින පලාත් පාලන, හිටපු පලාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරද දැඩි කතාබහක් මෙන්ම දැඩි විරෝධයක්ද එල්ලවී තිබෙන බව අප වෙත වාර්තා වේ.”  

මේ වන විට මහින්ද පතිරණ මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් පොදු ජන එක්සත් පෙරමුණ තුළ සිටින පලාත් පාලන, හිටපු පලාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරද දැඩි කතාබහක් මෙන්ම දැඩි විරෝධයක්ද එල්ලවී තිබෙන බව අප වෙත වාර්තා වේ.   මේ සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහ මහ මැතිවරණයෙදී පොදු ජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණ වෙනුවෙන් ඇප කැප වුනු විවිධ පිරිස් වෙතින් අදහස් විමසීමක් කළෙමු.    එහිදී එම සියලු කොටස් වල පොදු අදහස වූයේ බැසිල් රාජපක්ෂ මහතා මැදිහත්වී වහාම “හරකාට” මුඛවාඩම් බැඳිය යුතු බවයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here