මහින්දලා දින්නා නම් කලපුවේ හෝටලයක් !

0
101

grandiza-laggon-filling-පසුගිය ජනාධිපතිවරණයට ආසන්න සමයේ කුරණ පිහිටි ග්‍රැන්ඩිසා හෝටලය විසින් මීගමුව කලපුව දක්වා එහි ගොඩනැගිලි ඉදිකිරිමට රු මිලියන  ගණනක් වියදම් කරමින් ඉදිකරන්නට කටයුතු කර තිබුනේ එකි   හෝටලය කලපුව දක්වා දිර්ඝ කිරිමටය.
මේ වෙනුවෙන් දැවැන්ත කුළුණ ඉදිකර තිබුණද ජනාධිපතිවරණයෙන් රාජපක්ෂලා පරාජය විමත් සමගින් මේ සැලැස්ම අතහැර දමන්නට සිදුව තිබුණි.

මේ නීතිවිරෝධි ඉදිකිරිම් ගැන දිගින් දිගට ඡායාරූපද පලකරමින් මීපුර වෙබ් අඩවිය සිදුකරන්නට යෙදුන හෙළිකිරිම් හමුවේ මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුන් නියෝගයන් අනුව යමින් මේ සියළු ඉදිකිරිම්  කඩාඉවත්කර දමන්නට නිමල් ලංසා ඇතුළු මෙහි හිමිකරුවන් හට සිදුව තිබුණි.
කෙසේ වෙතත් ඔවුන් කල්පනා කරන්නට ඇත්තේ රාජපක්ෂ පාලනය කිසිදා පෙරළා දමන්නට නොහැකි වන බවය.
ඒ නිසාම කිසිදු බිය සැකයකින් තොරව රුපියල් මිලියන ගණනක් වැය කරමින් මේ ඉදිකිරිම් කර තිබුන බැව් පෙනේ.
මෙවන් නීති විරෝධි ඉදිකිරිමක් වෙනුවෙන් මිලියන ගාණක් වැය කිරිමට කටයුතු කර තිබිමෙන් කියැවෙන්නේ රාජ්‍ය බලය ඔවුන් සතු බැවින් අදාල නිලධාරින්වද අල්ලාගෙන මේසා බරපතල අනවසර ඉදිකිරිම් කිරිමට කිසිදු බියක් ලංසා පාලනයට එදා නොතිබුණ බවය.
තතු එසේව තිබියදි දැන් මීගමුවේ පාලනය කප්පම් අල්ලස් මගින් ලබාගත් ලංසා පාලනය නගරයේ අනවසර කඩල කඩ පවා කඩා දමමින් පෙන්වා අනවසර ඉදිකිරිම් කඩාදමනවා යැයි කියමින් මාධ්‍ය සංදර්ශණ පවත්වන්නේ ඇයිද යන්න මිගමුවේ බදුගෙවන ජනයා හට අමුතුවෙන් කියා දිය යුතු නොවේ .