මහින්දවාදින් විපක්‍ෂයේ වෙනම කණ්‌ඩායමක්‌ ? නිමල් ලංසා කොයි පැත්තේද ?

0
74

lansa 11හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

මේ සඳහා ඉදිරියේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක්‌ කිරීමට බලාපොරොත්තු වන බව රත්නපුර දිස්‌ත්‍රික්‌ එජනිස මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

කෙසේවුවද, මෙම විපක්ෂ කණ්ඩායමට මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා එක්වන බවක් වාර්තා වී නොමැත.

මේ අතර, මිනුවන්ගොඩ, උඩුගම්පොළ පිහිටි සිය පක්‍ෂ කාර්යාලයේදී පෙරේදා (05 දා) පැවැති හමුවකට සහභාගි වෙමින් ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ද කියා සිටියේ, තමා ඇතුළු කණ්‌ඩායම විපක්‍ෂයේ වෙනම කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කරන බවයි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.

”විපක්‍ෂ නායකයා තෝරා ගැනීම විපක්‍ෂයට භාර දෙන බව එක්‌සත් ජනත නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායකයන් හමුවූ අවස්‌ථාවේදී අපේ පක්‍ෂයේ සභාපතිවරයා ප්‍රකාශ කළා. ඒ අනුව කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා විපක්‍ෂ නායකවරයා ලෙස නම් කරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරුන් 57 දෙනෙක්‌ අත්සන් කළ ලිපියක්‌ අපි සභාපතිවරයාට භාර දුන්නා. නමුත් ඒ අනුව කටයුතු කළේ නැහැ.
මහින්ද සමග නැගිටිමු ව්‍යාපාරය තුල බස්නාහිර මහඇමති ප්‍රසන්න රණතුංග හා එක්ව මහත් උද්යෝගයකින් කටයුතු කළ හිටපු පළාත් සභා ඇමති නිමල් ලංසා මහතා පාර්ලිමේන්තුව තුලදි සිටින්නේ කොයි පැත්තේද යන්න ගැන දැනගැනිමට මීගමුවේ ජනතාවට ඇත්තේ මහත් උනන්දුවකි.
මැතිවරණ සමයේදි ඔහු ප්‍රසිද්ධියේම ක්‍රියාත්මක වුයේ මහින්ද වාදියෙකි ලෙසිනි. එහෙත් ඔහු සට කපට අවස්ථාවාදියෙකුද වන නිසා පාර්ලිමේන්තුව තුලදි ඇමති රාජිත හරහා මෛත්‍රිට ඩීල් දමා මහින්ද පිළෙන් දැන් මෛත්‍රි පිළට පැන ඇතැයිද ඇතමුන් පවසති.
මේ අතර ඔහුගේ ආධාරකරුවන් අද බලාසිටින්නේ  අද දිනයේ ඔහුට නියෝජ්‍ය ආමත්‍යධුරයක් ලැබෙන්නේදැයි යනුවෙනි.
(ශ්‍රි ලංකා මිරර් ඇසුරිනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here