මහින්ද ආණ්ඩුවේ පළමු වෙඩි මුරය දංකොටුවේදී හබක් වේ -වෙන්නප්පුව ආසන පොදුජන පෙරමුණේ දෙදරිමක්,

0
120

වෙන්නප්පුව ආසනයේ පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීමක් පසුගියදා දංකොටුව නගරයේදී පැවැත්විණි. මෙම රැස්වීම සංවිධානය කිරීමට කටයුතු කර තිබුනේ මහින්ද රාජපක්ෂව බලයට ගෙන ඒමට පසුගිය කාලය පුරා දවල් රෑ නොබලා වෙහෙස මහන්සි වන වෙන්නප්පුව හිටපු ප්‍රාදේශිය සභාපති සුසන්ත පෙරේරා සහ වයඹ පළාත් සභා මන්ත්‍රී මල්රාජ් පීරිස් සහ පිරිසකි. මේ උත්සාහය මැද්දට හදිසියේ පුත්තලම් දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රබලයන් දෙදෙනෙකු වන අරුන්දික ප්‍රනාන්දු සහ සන්ධ්‍ය රාජපක්ෂ කඩාපාත්වී මෙම රැස්වීමට නාමල් රාජපක්ෂව සහ රෝහිත අඛේගුණවර්ධන යන මන්ත්‍රී දෙපළ ගෙන්වා ඇති  අතර මෙම සිදුවීම මුල්කරගනිමින් ඇතිවු යම් මතභේදයක් මත එදින දංකොටුවේදී පැවති රැස්වීමට සුසන්ත පෙරේරාත් , මල්රාජ් පීරිස් සහ ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායක ජගත් ප්‍රියංකර සහභාගී නොවී වර්ජනය කර ඇත.
ඇමතිධූර අහිමිවූ පසු නැවත් අරුන්දික සහ සන්ධ්‍යා රාජපක්ෂ සිය දේශපාලන කුලකය තුළට පසුබා ඇතිබව මෙයින් පෙන්නුම් කරන අතර ර්‍,පොදුජන පෙරමුණේ හරහා සිය දේශපාලනය ඉදිරියට තල්ලුකරමින් සිටින ප්‍රාදේශීය දේශපාලන නායකයින්ට මෙය අභියෝගයක් වීමත් මත මෙම ගැටුම මතුවී ඇතිබව පෙනී යයි.  මේ වනතෙක් වෙන්නප්පුව ආසනයේ පොදුජන පෙරමුණේ සංවිධායකයෙකු පත්කර නොතිබීම ද මොවුන් අතර බල අරගලයක් ඇති බව ඔප්පු කරන සාධකයකි.  කෙසේ වුවත් මහින්ද ආණ්ඩුවේ  දංකොටුවේප ළමු වෙඩි මුරය ආරම්භයේදීම දේශපාලන ගැටුමකින් අසාර්ථක වී ඇති බව පෙනී යයි.22046915_1787020351340690_4548670286437911237_n

Save