මහින්ද කටානට එන්නේ නැත්තේ ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදය නිසාද ?

0
54

MRහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැයි 18 වනදා කටානේ පන්සලකට පැමිණිමට නියමිතව තිබුණද ඒ ගමන දැන් අවලංගු කොට තිබේ.
මෙයට හේතුව ලෙස දැනගන්නට ඇත්තේ මේ ගමන සම්බන්ධයෙන් එකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පළාත් සභා මන්ත්‍රින් මතුව තිබු ගැටුම බවය.
සරත් පොන්සේකාගේ පන්දමෙන් ඡන්දය ඉල්ලා පළාත් සභාවට ගිය රජිත හපුආරච්චි මන්ත්‍රිවරයා විසින් මහින්ද රාජක්ෂගේ පැමිණිම සිය ජන්ම දින සැමරුම වෙනුවෙන් යැයි කියා  ප්‍රචාරය කරන්නට පටන් ගෙන තිබිම  ආනන්ද හරිස්චන්ද්‍ර ප්‍රමුඛ පළාත් සභා මන්ත්‍රිවරුන් තිදෙනෙකු චෝදනා කරන්නට පටන් ගෙන තිබුණි.
කෙසේ වෙතත් රජිත හපුආරච්චි මන්ත්‍රිවරයා මීපුර වෙබ් අඩවිය අමතා කියා සිටියේ පවතින වැහිබර කාල ගුණ තත්වය නිසා ඔහු විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ගමන කල්දැමිමට තින්දු කළ බවය.
එහෙත් අනෙක් පාර්ශවය කියා සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය තුල ගැටුමක් කටාන තුල හට ගෙන තිබිම නිසා මේ ගමන කල්දැමුනු බවය.මේ අර්බුදය සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවිය විසින් කරන්නට යෙදුන හෙළිදරව් කිරිම පිලිබදව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානින් අතරද කථාබහක් ඇතිව තිබුණ බවට අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.