මහින්ද පිලේ මීගමු නායකත්වය කාටද ?

0
50
මහින්ද රාජපක්ෂ සාකවුල්ලාගේ නිවසේදි

mr 1මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එකාබද්ධ විපක්ෂය දැවැන්ත රැලියක් සදහා මේ දිනවල සුදානම් වෙමින් සිටිති.ඒ සදහා මීගමුවෙන්ද ජනයා සහභාගි කරවිමට මේ දිනවල මීගමුවේ මහින්ද පාර්ශවය සුදානම් වෙමින් සිටි.
මේ අතර හිටුප ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ලබන සතියේ මීගමුට පැමිණිමට නියමිතය.
මේ සියළු වර්ධනයන් තුල ලංසා පවුල දේශපාලනික වශයෙන් දැවැන්ත අර්බුදයකට ගමන් කරමින් සිටින බැව් වාර්ථා වේ.
ඔහු මීගමුවේදි අන්ත පරාජයක් ලැබුවද දිස්ත්‍රික්කය තුල මනාප එකතුකර කර ගනු ලැබුවේ මහින්ද පිළේ ප්‍රබලයෙකු ලෙස දැවැන්ත ප්‍රදර්ශනාත්මක මැතිවරණ සටනක් ගෙන යමිනි.
මහින්ද පිළ වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුල ප්‍රසන්න රණතුංග සහ නිමල් ලංසා ප්‍රබල මැදිහත්විමක් කර තිබුණි.
මහින්දගේ  තේජාන්විත බව කියමින් දෙනෝ දාහක් කාන්තාවන් ඉදිරියේ ඉතා නොමනා අයුරින් මීගමුවේ පැවැති අවසන් ජනහමුවේදි රනිල් වික්‍රමසිංහ මහතාට බැන වැදුනේ ඔහුගේ එකම නායකයා මහින්ද යැයි කියා ගනිමිනි.
මේ සියල්ල එසේව තිබියදි හුලං අත යලිත් රුවල් දැමු නිමල් ලංසා ඊලගට ඉව ඇල්ලුවේ කෙසේ හෝ ඇමතිධුරයක් ලබාගන්නටය.
ප්‍රසන්න රණතුංග ඒ සියලු ඉල්ලිම් පසෙක හෙලද්දි නිමල් ලංසා ඇමති කම ඉඹලා පිළිගත්තේය.
එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේ අකමැත්ත මත වුවද ලංසාට  ඇමතිකම දෙනු ලබන්නේ මහින්ද පිලේ එක දතක් ගලවන අටියෙනි.
එපමණක් නොව කිසිදා මහින්ද විසින් ලබා නොදුන් ආසන සංවිධායකධුරයද ලංසාව වෙත පිරිනැමෙන්නේද මේ දත් ගැලිවිමේ න්‍යායයට අනුවමය.
ලංසාට ඇවැසි වුයේද තමන්ගේ මගඩි හෙළිකරගැනිම වලක්වාගෙන යහපාලනය අස්සේ හැංගි ජාමය බේරා ගන්නටය.මේ අනුව මෛත්‍රි පාර්ශවයේ උවමනාවත් නිමල් ලංසාගේ උවමනාවත් එකට සමපාත වි මේ ගණුදෙණුව සිදුවිය.
ලංසාගේ මේ දවල් මිගෙල් රැ දනියෙල් ගේම දැන් මහින්ද පිලේ බහුතරයකට මාට්ටු වි හමාරය.මේ නිසාම දැන් ඔහු කැපි යමින් තිබේ.
මල්ලි කෙසේ හෝ මහින්ද පිළ හරහා මීගමුවේ නගරාධිපතිවරයා කරවිමට සිතා පසුගිය කාලය තුල ක්‍රියාත්මක කරමින් සිටි ලංසා මෙහෙයුම දැන් අතරමග නතර කර දමන්නට සිදුවන ලකුණුද පහල වි හමාරය.
මේ පසුබිම යටතේ ලංසා එල්ලි එල්ලි බැසිල් රාජපක්ෂ හා හාදකම් පවත්වන්නේ මහින්ද පාර්ශවයේ සම්බන්ධතාවය ගිලිහි නොයන තත්වයක් නිර්මාණය කරගැනිම සදහාය.
එහෙත් එය ලෙහෙසි පහසු නොවන්නේ දැන් බැසිල්ට පවා එරෙහි ජනමතයක් මහින්ද පාර්ශවය තුලින්ම මතුවෙමින් එන පසුබිමකය.
මේ සියළු යාථාවන් තුල මහින්ද පාර්ශවයේ  මීගමුව පාර්ශවය ලෙස ඉදිරියට එමින් සිටින්නේ ශ්‍රිලනිප ජේෂ්ඨයන් පිරිසකි.,mr at saka 7
එමෙන්ම ප්‍රබල මුස්ලිම් නියෝජනයක්ද එයට හිමිය.
මහින්ද පිළ තුල ප්‍රබල භුමිකාවක් මීගමුව වෙනුවෙන් ඉටුකරන්නට සකාවුල්ලා මහතා මුලිකත්වය ගැනිමට බොහෝ දුරට ඉඩකඩ ඇත.
විශේෂ ලියුම්කරුවෙකු විසිනි