ශ්රිලනිපය තුල වර්ධනය වෙමින් යන තත්වයන් විසින් තවදුරටත් පෙන්නුම් කෙරෙනුයේ එළඹෙන මැතිවරණය සදහා ශ්රිලනිප පිල් දෙකක් ඇතිවිමට බොහෝ විට ඉඩ ඇති බවකි.
දැනටමත් ආසන මට්ටමින් ඇතමෙකු සිය පිල තෝරාගෙන ඇති බව පැහැදි අතර තවත් අය හුලං හමන අත බලා රැවල් දාගැනිම වෙනුවෙන් කල් යල් බලමින් සිටිති.
මීගමුව ශ්රිලනිප ආසන සංවිධායක සරත් ගුණරත්ත මහතා කවදත් මහින්ද හිතේෂියෙකු වු අතර ඔහු මෑතකදි එය වඩාත් ප්රසිද්ධියේ ප්රදර්ශනය කරමින් හිටපු ජනපති මහින්ද හා එක්විය.
මේ අතර මෛත්රිපාල සිරිසේන මහතාට ඉතා කිට්ටු සමිපතාවක් ඇති නාත්තන්ඩිය ප්රදේශයේ දෛවඥයෙකුගේ සමිප ඇසුරකට පත්ව ඇති මීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා ඒ මාර්ගයේ මෛත්රි පිළ නියෝජනය කරමින් මීගමුවට ඉල්ලිම සදහා ඇති සුදානමක් ගැන වඩාත් විශ්වාසවන්ත අාරංචි මාර්ග විසින් අප වෙතට වාර්ථා වෙමින් තිබේ.