මහින්ද රාජපක්ෂගේ හිටපු පොලිස් ලොක්කෙක් මීගමුවේ හෝටලයක් හදන්න රු කෝටි 200 කට ඉඩමක් අරන් ?

0
141

negombo-beachහිටුප ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ පොලිසියේ ප්‍රධානියෙක් විසින්  හෝටලයක් ඉදිකිරිම සදහා මීගමුවෙන් රු කෝටි 200 කට ඉඩමක් මිළදි ගෙන ඇති බව ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය හෙළිකර සිටි.
ඔවුන් තවදුරටත් පවසා සිටින්නේ මෙම හෝටලය  ජෙට් වින්ග් බ්ලූ හෝටලය අසල පර්චස් 130 ක භූමි භාගයක පිහිටි හෝටලයක් සඳහා ද මුදල් ආයෝජනය කර තිබෙන බවය.
.මීට  මාස කිහිපයකට පෙර කෝටි 200 කට ආසන්න මුදලකට ද්‍රවිඩ ජාතිකයෙකුගෙන් මිලදී ගෙන ඇති අතර මෙහි නීතිමය කටයුතු සිදුකර ඇත්තේද ජනපති නීති අංශයේ සිටි නීතිඥවරයෙකු විසින්ම බව තවදුරටත් හෙළිකර සිටි..

මීලඟ පොලිස්පති වීම සඳහා සිහින දකිමින් සිටින  ජ්‍යෙ.නියෝජ්‍ය පොලිස්පතිවරයා වත්තල මාබෝල මහල් 5 කින් යුත් ව්‍යාපාරික ගොඩනැගිල්ලකද සම අයිතිකරුවෙකු බවද ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සදහන්ය .