මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවට පත්විමේ අවස්ථාව අහිමි කළ යුතු යැයි නිර්දේශයක්

0
52

ex prsident

හිටපු ජනාධිපති හා වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වසර 7 කට පසුවත් පාර්ලිමේන්තුවට පත්විමේ අවස්ථාව අහිමි කළ යුතු යැයි බරපතල වංචා දුෂණ සෙවිමේ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර සිටියි. එම නිර්දේශයනට හේතු වී ඇත්තේ සියයට සියයක්ම රජයේ කොටස් හිමි ස්වාධින රූපවාහිනි සේවය අයුතු ලෙස දේශපාලන කටයුතුවලට යොදා ගැනිමේ වරදයි. මෙම නිර්දේශයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබු බරපතල වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරිම සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ 148 හා 149 වන පිටුවල ඇතුලත් කර ඇත.

එම වාර්ථාවට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කොමිසම ඉදිරිපත් කරන නිර්දේශ පහත පරිදිය.

  • 2015 ජනාධිපතිවරණයට අදාළව ස්වාධින රූපවාහිනි ජාලයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ ප්‍රචාරක දැන්විම් විකාශන කටයුතු සිදු කළ ස්පෙල් සොලියුෂන් නියෝජිත ආයතනයෙන් අයකර ගත යුතු රුපියල් 2,467,812 ක මුදලක් අය කර නොගැනිමෙන් දුෂණය නැමැති වරද සිදු කිරිමට හෝ අනුබලදිම හෝ පොදු අරමුණක් සහිතව එකී වරද සිදු කිරිම.
  • මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාගේ මුදල් ගෙවු රුපියල් 9,466,000 ක් වටිනා ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්විම් සාධාරණ හේතුවක් නොමැතිව අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධි ලෙස ස්වාධින රූපවාහිනි මාධ්‍ය ජාලයේ විකාශය නොකර එම මුදල් ආපසු ගෙවිමෙන් ආණ්ඩුවට පාඩුවක් කිරිම.

ඒඅනුව සියයට සියයක් රජයේ කොටස් ඇති ස්වාධීන රූපවාහිනි ආයතනය තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකා රජයට පාඩු කරමින් මෙම දුෂණය නැමැති වරද කර ඇති බව පෙනීයන බවත් මෙවැනි වැරදි සිදු කළ අය රට වෙනුවෙන් සේවයක් සිදු කෙරෙතැයි අපේක්ෂා කළ නොහැකි බවත් , වසර 07 කින් පසුව හෝ එවැනි වරදවලට වරදකරු වූ දේශපාලනඥයින්ට ව්‍යවස්ථාදායකයේ නියෝජතියන් වශයෙන් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධරයන් වශයෙන් පත්විමට අවස්ථාව ලබාදිම නුසුදුසු බව මෙම කොමිෂන් සභාවේ අදහසයි.