මහින්ද රාජපක්ෂ කිව්වලු ලංසාව ආදර්ශයට ගන්න කියල – අරුන්දික ප්‍රනාන්දු

0
200

nimal_lanza_actනිමල් ලංසාගේ ප්‍රචාරක රැස්විම් කිහිපයකට දවසක් ඇවිත් හිටිය පුත්තලම් දිස්ත්‍රික් සංධාන මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු නියම කථා ටිකක් කියල තියෙනවා.
ඒකේ වැදගත්ම කෑල්ල තමයි හිටපු ජනාධිපති කව්වලු අනික් මන්ත්‍රිවරුන්ට නිමල් ලංසාව ආදර්ශයට ගන්න කියල …..
ජනාධිපතිතුමා මේකෙන් අදහස් කළේ  මොකද්ද කියන එක එතන හිටුප අනික් ම්න්ත්‍රිලාටත් ගැටළුවක් උනාලු.
ඒ එක එකකෙනා පැති කිපයකට දාල බැලුලලු.
1.තාත්තට මුළු මීගමුවෙන්ම හම්බකරන්න හදල දුන්න වගේ අපිත් කරන්න ඕනේ කියන එකද ?

2.නැත්නම් පහුගිය එක්සත් ජාතික පක්ෂේ කාලේ හදල තිබුන ක්‍රිඩා පිට්ටනි ටිකට තවත් මහජන මුදල් දාල හදල තමන්ගේ හිතවතුන්ගේ පාලනයට දෙන්න කියන එකද ?

3.මීගමුවේ ඉතිහාසක ගත ප්‍රභූ පුද්ගලයෙක් වුන රාජපක්ෂ මැතිදුන් විසින් මීගමුවේ ජනයාට විවේකිය සිටිම සදහා සිදු මුදලක් අය නොකරන ලෙස ඔප්පුවේද සදහන් කරමින් ලබාදුන් රාජපක්ෂ උද්‍යනයේ  මුල් ඔප්පුව පවා විනාශ කරමින් රජපක්ෂ මුදළිදුගේ  රාජපක්ෂ උද්‍යානය යන නම පවා මකා දමා එය ඩයිනෝ පාක් එකක් කරන්නට තරම් පුතයෙකු යු නිසාද ?

4.මීගමුව බස්නැවතුමේ ඉදිකිරිම් ටෙන්ඩරය අදාල ශිල්පිය නිපුණතාවය සහ නිසි සුදුසුකම් ඇති තොරාගත් සමාගම වෙත පවරණු වෙනුවෙට එහි අතුරු කොන්ත්‍රාත්තුව එවන් නවින පන්නයේ ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා කිසිදු ශිල්පීය නුපුණතාවක් සුදුසුකමක් නැති අයෙකු හට ලබාදුන් නිසාද ?

5 මීගමුව නගර මැද පිහිටි රහිමියා හෝටලයේ ඉදිකිරිම් සදහා අතිරේක බිම් කඩක් සපයා ගත හැකි වන පරිද්දෙන් රේල්පාර අයිනේ පිහිටි කොට්ටන් ගස් කපා පාර පළල් කොට ඒ සියල්ලේ වාසිය රහිමියා මුදලාලි හට ලබාදෙන්නට තරම් කාරුණික විම නිසාද ?

6.ට්‍රිප් නම් වු ව්‍යාපෘතිය යටතේ ජපන් ආධාර මගින් ඉදිවු මීගමුව මාළු වෙලද සංකිර්ණය පල්ලියට දෙනවා යැයි කියා වසර 5 කට ආදායම් උපයන්නට තම පියාට වරදානයක්  සලසා ඇති නිසාද

7.මීගමුවේ සංචාරක කලාපයේත් ඉන් පිටතත් රු කෝටි ගණන් ලබාදි හෝටල් මිළට ගන්නට සහ තවත් අළුත් හෝටල් ඉදිකරන්නට තරම් ප්‍රකෝටි ගණන් අදායම් උපයා තිබිම නිසාද ?

8රජපක්ෂ පවුල විසින් අනුගමනය කරන කොන්ඩම් තියරිය නිමල් ලංසා විසින් ද තිතට අනුගමනය කරනු ලබන අයෙකුවිම නිසාද ?පුල්ලේ පවුලට කරපු දේ මහින්ද රජපක්ෂ විසින් හොදින්ම දන්නා නිසා කොන්ඩම් තියරි රාජ්‍යයක් නිර්මාණය කිරිමට මහින්ද රාජපක්ෂට ඇවැසි නිසා ද?

9.සෙනසුරදා රාත්‍රි පොළ කඩිනමින් ඉදිකරනවා යැයි කියා රු කෝටි ගණනක් ලබාගත්තද එය ඉදිනොකරම මුදල් ඔහේ කබාසිනියා කරදැමීමේ කප් එක කිසිවෙකුට හෝ දෙවන නොවි ඔහු විසින්ම පමණක් තබාතිබිම.මීගමුවේ රෝහලේ වැසිකිලි පද්ධතියේ පිළිසකර කිරිම් වලදි අදාල විෂය ගැන මෙලෝ මළ බෙෝලයක් නොදන්නා ලංසාගේ ගෝලයෙකු ට ටෙන්ඩරය ලබා දි තිබිම.