මහ ඇමැති වාහනය පොදුවේ බෙදාහදා ගනියි.

0
58

ඉන්දියාවේ දිල්ලි නුවරට ඇතුළු වන වාහන ප‍්‍රමාණය අඩු කිරීම සදහා අපූරු සැලැස්මක් දිල්ලි ආණ්ඩුව අත්හදා බලන්න පටන් අරන්. ඔත්තේ ඉලක්කම් සහ ඉරත්තේ ඉලක්කම් සහිත අංක තහඩු ඇති වාහනවලට දවසක් ඇර දවසක් තමයි දැන් දිල්ලියට ඇතුළු වෙන්න අවසර තියෙන්නේ. එක දවසක් ඔත්තේ අංක සහිත වාහන, ඊළග දවසේ ඉරත්තේ අංක සහිත වාහන ආදි වශයෙන්. තමාට අවසර නැති දිනයේදී අනෙක් පිරිස පොදු ප‍්‍රවාහන සේවා භාවිතා කළ යුතුයි.මේ මගින් දවසකට නගරයට ඇතුළුවන පෞද්ගලික වාහන සංඛ්‍යාව අඩකින් පමණ අඩු කරන්නට හැකි වනු ඇති බවයි ඔවුන් විශ්වාස කරන්නේ.

ඒ වගේම එක වාහනයක තනි පුද්ගලයෙක් එනවා වෙනුවට කිහිප දෙනෙක් වාහනයක් පොදුවේ බෙදාහදාගෙන පැමිණීමත් දිරිමත් කර තිබෙනවා. මීට පූර්වාදර්ශයක් දෙමින් කටයුතු කළ දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් ඔහුගේ ට්විටර් ගිණුමේ මෙසේ සදහන් කර තිබුණා.

‘මම දැන් මගේ මෝටර් රථය බෙදාහදාගන්නවා. මම අද කන්තෝරුවට ගියේ තව ඇමැතිවරුන් දෙදෙනකු සහ ලේකම්වරුන් දෙදෙනෙකු සමගයි’

මෙම සැලැස්මට පොදු ජනතාවගෙන් සැලකිය යුතු සහයෝගයක් ලැබෙමින් ඇති බවත් පැවසෙනවා. සැබැවින්ම එය විශාල ජයග‍්‍රහණයක්. දිල්ලියට මෙවැනි සැලැස්මක් කි‍්‍රයාත්මක කරන්නට සිදු වූයේ එහි පරිසර දූෂණය භයානක මට්ටමකට ඉහළ ගොස් ඇති බව අනාවරණය වීම නිසයි.

ලංකාවේ අපිටත් සිතාබලන්න වැදගත් කාරණා රැුසක් මේ තුළ ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

පහත දැක්වෙන්නේ දිල්ලියේ වාහන තදබදයේ සේයාරුවක් සහ අර්වින්ද් කෙජ්රිවාල්ගේ සේයාරුවක්

Nihal Peiris's photo.