මහ දවල් නිවස මංකොල්ලකද්දි , හොරු අතටම අසුවෙයි

0
323

robary 6අද  (ජුනි 03) පෙරවරු 11ට පමණ මීගමුව -පරණ හලාවත පාරේ පිහිටි නිවසකට පුද්ගලයන් 4 දෙනෙකු පැමිණ මංකොල්ලකමින් සිටියදී  නිවසියන් හට අතටම හසුවී තිබේ. එම නිවසේ සිටි අනිත් සාමාජිකයන් යම් කාර්යකට නිවසින් පිටවගොස් ඇති අතර එක්  කාන්තාවක් නිවසේ සිට ඇත.  අනිත් සාමාජිකයන් පිටව යනවාත් සමගම  ගෙයි පිටුපසින් යම් සද්දයක් ඇසී එම කාන්තාව නිවස පිටුපසට ගොස් තිබේ. ඒ සමඟම ඇය දැක ඇත්තේ නිවසේ තාප්පයෙන් එහා පැත්තේ ඇති ත්‍රීවිලයට තම නිවසේ ඇති  බඩු  පුද්ගලයින් 4දෙනෙකු විසින් පටවන අන්දමයි. ඇය විගස ඉදිරියට දිව ඇවිත් කෑ ගසා උදව් ඉල්ලා ඇත. ඒ සමගම හොරු 3 දෙනෙකු පැන ගොස් ඇති අතර ත්‍රීවිලය පදවාගෙන ආ පුද්ගලයා හසුවී ඇත.  ඔහුට අසල්වාසීන් විසින් පහරදී අල්ලාගෙන ඇති අතර  ඔහු පවසා ඇත්තේ තමන් පදිංචිවී සිටින්නේ කඩොල්කැලේ බවයි. අනෙක් සොරුන් තිදෙනා ගැන තමන්ට පැවසිය හැකි බව ද ඔහු එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත. පසුව පොලීසිය පැමිණ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නිවස මීට පෙ අවස්ථා දෙකකදී මංකොල්ල කා ඇති බව එම කාන්තාව පවසා ඇත. 2010 වසරේ සහ 2013 වසර වලදී තම නිවසට සොරුන් කඩා පැන පවුම් 13ක් ලැප්ටොප් එකක් ,කැමරාවක් හා මුදලින් රු 27000ක් සොරා ගත් බවත් මේ වනතෙක් ඒ කිසිවක් නැවත නොලැබුණ බවත් ඇය පවසා තිබේ. එමෙන්ම එලෙස එම නිවස මංකොල්ල කා ඇති සොරුන් මේ වනතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසියටද නොහැකි වී තිබේ. මේ  ආකාරයට ගත් කළ මීගමුවේ සොරකම් වැඩිවීමේ දැන් සාමාන්‍ය ‍දෙයක් බවට පත්වී ඇත. පසුගිය වසර වලදී මීගමුව නගරයේ ව්‍යාපාර ස්ථාන රාශියක් මහ දවල් මෙන්ම රාත්‍රිෙය්දී මංකොල්ල කන ලදී. නමුත් මේ වනතෙක් මෙයට විසඳුමක් ලබා දෙන්නට ආරක්ෂක අංශවලට හා නීතිය බාරව සිටින බලධාරීන් සමත් වී නොමැත.

 

 



ඡායා -එම් ඉෂෙඩ් සාජහාන්