මහ වැසි නිසා මිගමුවටත් ආපදා රැසක් ,පාරවල් නිවාස ජලයෙන් යටවෙයි!

0
144

ර⁣ටේම ප්‍රධාන මාතෘකාව බවට වැස්ස,ගංවතුර,සහ සුළිසුලන් පත්වෙමින් ඇති පසුබිමක ඉන් වැඩිම බලපෑම එල්ලවි තිබුනේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වලටය.

මාධ්‍ය තුල වැඩි කතා බහකට ලක්නොවුනද මිගමු⁣වේද ඇතැම් ප්‍රදේශවල ජනයා පසුගිය දිනවල ඇදහැලුන මහවැසි හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දි සිටිති.

img 20241127 wa00633031299724524781840
img 20241127 wa00622697102778178332069
img 20241127 wa00616180844808863479716
img 20241127 wa00597785073825242890390
img 20241127 wa00586620055776012554301
img 20241127 wa00609051047138049080207
img 20241127 wa003512879546356187020693

නිවාස ගණනාවකට වතුර දමා තිබේ.පාරවල්ද යටවි තිබුණි.නිවෙස් මතට ගස් කඩාවැටිම්ද වාර්තා විය.

දිගට වහින දවස්වලට  නිරන්තරයෙන්ම පිඩාවට පත්වෙන ජනතාවක් පෙරියමුල්ල සහ දළුපත කට්ටුව ප්‍රදේශවල ජිවත් වෙති.මෙයට ප්‍රධාන හේතුව වි තිබුනේ නිතිවිරෝධි සහ නිසි ප්‍රමිතියකින් තොර ඉදිකිරිම්ය.

පසුගිය කාල පුරා ඇලවල් හෝ කාණු නිසි පරිදි පිරිසිදු කර තිබුනේ නැත.

මේවා කොන්ත්‍රාත්කරුවන්ට දි තමන්ගේ කොමිස් මුදල පමණක් සාක්කුවට දා⁣ ගැනිම ගැන හිටපු දේශපාලකයන් උනන්දු වු අන්දම මිගමුවට දැන් ප්‍රසිද්ධ රහසකි.

දැන් ඇත්තේ සිස්ටම් චේන් කිරිම ගැන කතා කරන රජයකි.හොරුන්ට දුෂණ වංචා සිදුකළවුන්ට දඬුවම් දෙන රජයකි.

නිවාස පාරවල් යටනොවන  ලෙසට නිසි ලෙසින්  මහජන මුදල් වැය නොකර යටිමඩි ගෑසු දේශපාලකයන්ට දඬුවම් දෙන තෙක් මිගමුවේදි මාලිමාවට ඡන්දය දුන් ජනයා බලාසිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here