මහ සිකුරාදා වෙනුවෙන් මිගමුවේ හැදෙන කෑම

0
101

කිතුණුවන් විසින් ශ්‍රද්ධවු සතිය නමින් හදුන්වන විශේෂ පාස්කු සතිය   ගොබ් ඉරුදිනයත් සමඟින්ම අරඹුණා.

18  වෙනිදාට යෙදුන මහ සිකුරාදා දිනය යදා මෙන්ම මේ සතිය තුලද කිතුණුවන්ට විශේෂ වු කෑම වෙනුවෙන් ඒ් අය සුදානම් වෙනව.

කිස්තු තුමන්ගේ ජිවිත පරිතයාගය තෙක් දින 40 ් උපාවාස කරන කතෝලික බැතිමතුන්  මස් මාංශ වලින් වැලකි ඉන්නවා
මහ සිකුරාදා උන්වහන්සේ ගේ කුරුස ඇන ගැසිමෙන් පසු කිරිබත්. කිරිපැණි . කැද ආදි ආහාර සකස් කොටගෙන දේවස්ථාන වලදී පූජාව අතරතුරත් ඉන් පසුවත්  එම චාරිත්‍ර ඉටුකර ගැනිම පුරුද්දක් කරගෙන ඉන්නව.

සමහරුන් දේවස්ථානයේ පිටදිත් බනිස් , කැද දාන දෙනව . මහ සිකුරාදා දිනයේ මීගමුවේ දේවස්ථාන අසල අධික ලෙස කජු වෙළෙන්දියන් කජු අළෙවිකරන ආකාරය දැකගන්නට පුලුවන් . එයට හේතුව සම්ප්‍රදායක් ලෙස මීගමුවේ ධීවර ජනතාව මහ සිකුරාදා රාත්‍රියට ආහාරය පිණිස කජු තෙල් දමා වෑංජනයක් සකස් කර ඊට කලපු ඉස්සෝ (පොඩි ඉස්සෝ ) තෙල් දමා , වට්ටක්කා උයා ආහාරයට ගැනීම පුරුද්දක් කරගෙන  ඉදිමයි .

13 1පාස්කු දින මහසිකුරාදා මීගමුවට පැමිණෙන  කජු වෙළෙන්දියන්ට අත මිට සරුවන දවසක් 

මෙය මිගමුවේ ධිවර ජනතාව අතර ප්‍රසිද්ද මහ සිකුරාදා සිදුකෙරෙන චාරිත්‍රය්. දූව , පිටිපන ප්‍රෙද්ශ වල කලපුවෙන් අල්ලා ගන්නා ගන්නා පොඩි ඉස්සෝ සමග ඉදෙන කිරිබත් දානයක්ද  ලෙසින් දිමත් තවත්  චාරිත්‍රයක්.
කාලයත් එක්ක මේව එක්තරා ප්‍රමාණයකට වෙනස් වෙලා යමින් තිබුණත තාමත් මේවට පේවෙලා ඉන්න අය ඉන්නව.

තවත් මෙතන ලියන්නම ඔ්න කාරණයක් තියෙනවා . සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන පෙරියමුල්ලේ ගාමිණි රෝහිත හෙවත් ජුඩ් සෑම වසරකම මහසිකුරාදා දිනයේ දේව මෙහය අවසන්ව පැමිණෙන බැතිමතුන් වෙත කැඳ දානයක් පිලියෙල කර කරනවා.11 2

සුදුලුණු මෙන්ම මුං ද ඇතුලත්  පිසෙන මේ කැද දානය සැබැවින්ම රසවත් එකක් බව දන්නා  බැතිමතුන් දේව මෙහෙය අවසන එහි එන්නේ කැද කෝපපයක රහ බලන්න . මෙදා සැරේ ජුඩ්ගේ කැද දානේ පවත්වන්නේ 34 වෙනි වතාවට

බඩු වල ගණන්. පොල් හොයන එකත් ලොකු අරගලක්. ඒත් ජුඩ් වැ‌ඩේ අතහැරලා නැ.

වසර කිපයක සිට මේ කැද දානය බෙදා දෙන මොහොතේ එයට සහය දිම සදහා මුස්ලිම් සහෝදරයන්ගේ  පැමිණිම තවත් විශේෂයක් වෙලා තියෙනව .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here