ඔබ ගැන කෙටියෙන් විස්තර කලොත් ?
මම එච්.ඩී. වසන්ත කුමාර. උපන්නේ මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ . නමුත් දැනට මම පදිංචි වෙලා ඉන්නේ කටානේ , කැබැල්ලගස් හංදිය ප්‍රදේශයේ. මම තමයි පවුලේ බාලයා. තව මට වඩා වැඩිමල් අයියලා දෙන්නයි ,අක්කා කෙනෙකුයි ඉන්නවා. මාගේ තාත්තා රැකියාවට කලේ වඩු වැඩ. යාගොඩමුල්ල කනිටු විදුහලෙන් මම සාමාන්‍ය පෙල දක්වා ඉගෙන ගත්තා. ඉන් පසුව මම මඩවල හීනටියන යෝගට් කර්මාන්ත ශාලාවක රැකියාවට ගියා .එතැන අවුරුදු 10 ක් විතර වැඩ කෙරුවා. ඉන් පස්සේ තමයි මම බස්නාහිර පලාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මේ රෝහල් සුළු සේවක කියන රැකියාවක් ලැබුනේ. ඒක මට අරන් දුන්නේ ,
මගේ ජීවිතයේ මම දැක්ක හොදම මහත්්මා ගුණයෙන් දේශපාලන කරපු රෙජී රණතුංග මහත්තයයි. ඒ රැකියාවේ පළමු පත්වීම ලැබුනේ මීගමු රෝහලටයි. ඒ 1996 ජුනි මාසේ 01 දා . ඉස්සෙල්ලාම මට වැඩ ලැබුනේ 01 වාට්ටුවේ. එතැන අවුරුදු 02 ක් විතර වැඩ කලා. ඉන් පස්සේ තවත් අවුරුදු 04 ක් විතර වාගේ රෝහලේ ඇම්බි්‍යුලන්ස් එකේ සහකයෙක් විදිහට වැඩ කලා.
ඊට පස්සේ මට මාරු වීමක් ලැබුනා මිනුවන්ගොඩ රෝහලට එතැන අවුරුද්දක් විතර වැඩ කරලා මාව මෝචරියේ (මෘත ශරීරාගාරයේ ) පුහුණුවකට දැම්මා රාගම රෝහලට. එහිදී මම මෘත ශරීර ඡේදනය (මිණි කැපීම) පිලිබඳව මාස 03 ක පුහුණුවකින් පස්සේ අයෙත් 2002 දී මීගමුව රෝහලට ආවා මාරුවීමක් සමග. එදා ඉදලා මේ වෙනකම්ම ඒ කියන්නේ අවුරුදු 10 විතර වාගේ කාලයක් තිස්සේ මම මීගමු රෝහලේ මෝචරියේ වැඩ කරනවා.
ඔබේ රෑකියාවේ ස්වභාවය කොහොමද ?.
මේ රැකියාවේ ස්වභාවය තමයි මේ රෝහලේ මැරුණ හෝ නැතිනම් වෙනත් රෝහල් වල මැරිලා එම මරණයට නිසි හේතුව සොයගන්න ඒ මල මිනි කපන්න සහය වෙන එක . විශේෂයෙන්ම සැක කටයුතු මරණයක් නම් අධිකරණ විශේෂඥ වෛද්‍යවරුන්ට ඒ මල මිනී කපන්න සහය වෙන එක. සමාන්‍යායෙන් මිණියක් කපන්න කරන්න කලින් හොදින් සොදා පවිත්‍ර කිරීම සිදු කරන්නේත් අපි විසින්. සමාන්‍ය විදිහට මැරුණ ඒ කියන්නේ සැකකටයුතු නොවන මිණියක් අපිට කපන්න පුළුවන්. ඒ සදහා පුහුණුවක් හා පලපුරුද්දක් අපිට තියෙනවා. ඒවාගේම ඒ ලෙස කපලා කරලා අවසන් වුන මිනී ශිතාගාරවල තැන්පත් කිරීම කරන්නෙත් අපියි. මම රාගම රෝහලේ මෝචරියේ පුහුණුවට ගිය මුල් සතිය හරිම අමාරුවෙන් තමයි වැඩ කලේ. මුලදී මේ වැඩවලට යම් බයක් දැනුනා. කෑම කන්න බැරිව ගියා. නමුත් ටික දවසකින් ඒ ගතිය නැතිව ගියා .දැන් මට කිසිම අවුලක් නැහැ. මේ රැකියාව ගැන.
ඔබට පවුලේ අයගෙන් , නැදෑ හිතවතුන්ගෙන් සහ මෙතැනට යනඑන අයගෙන් ලැඛෙන ප්‍රතිචාර එහෙම කොහොමද ?
මාගේ පවුලේ අයගෙන් විශේෂයෙන් මගේ බිරිදගෙන් හා මගේ දුවගෙනුයි පුතාගෙනුයි, ඒවාගේම නැදෑයන්ගෙන් මට කිසිම ප්‍රශ්ණයක් වෙලා නැහැ මේ රැකියාව කරනවා කියලා. මෙතැනට එන හුගාක් අය අපට මොනවක්වත් කියන්නේ නැහැ. සමහර අයනම් අපේ සේවය ගැන අගය කරලා කථා කරලා ස්තූතියි කියලාත් කියනවා. සමහර අය කිහිප දෙනෙක් ඔය අතරේදී අපිට දොස් කියලා බැනලත් ගිහින් තියෙනවා. මෙතැනට හුගාක් අය එන්නේ එක්කෝ තමුන්ගේ පවුලේ කෙනෙක් එහෙම නැත්නම් නෑදෑ කෙනෙක් හරි හිතවත් කෙනෙක් හෝ මැරිලා ඉක්මනින් ඒ මිණිය අරගෙන යන බලාපොරොත්තුවෙන්. එහෙම දුකෙන් ඉන්න අයට අපි වැඩිය සැර වැර කරලා කථා කරන්නේම නැහැ. හැබැයි ඉතින් මෙතන වැඩ කටයුතු වලට මෙතන ඉන්න වෛද්‍යවරුන්ට බාධා වෙන විදිහට ඉන්න අයට නම් අපි සමහර වේලාවට ටිකක් සැරෙන් කතා කරනවා. ඒක තමයි ඉතින් මේ රැකියාවේ ස්වභාවය.
මේ රෑකියාව කරද්දී සිදුවුණ සිදුවීම් වලින් අමතක නොවෙන සිදුවීම් එහෙම තියෙනවාද ?
එකක් දෙකක් තියෙනවා. දැනට අවුරුදු 08 කට විතර කලින් දංකොටුව ප්‍රදේශයේ , ඉපදිලා දවස් ගනනකින් මැරුණු ළමයෙකුගේ පවුලේ කට්ටිය ඒ ළමයාගේ මරණය ගැන පරීක්ෂන කරන්න කියලා පොලිසියට පැමිණිලි කරලා තිබුනා. ඒ ගැන කටඋත්තර දෙන්න ඒ වාට්ටුවේ වෛද්‍යවරු, නර්ස්ලා එක්ක මටත් යන්න වුනා, කොළඹ සී.අයි.ඩී. එකට . එහේ ගිහින් අපි කටඋත්තරයක් දීලා ආවා. ඕන වුනොත් ආයේ කැදවනවා කිව්වා. නමුත් එහෙම වුනේ නැහැ. ඒකෙන්ම ඒක සමථයකට පත් වුනා.
ඒත් එක්කම අවුරුදු ගනනනකට කලින් කොරියන් කාරයෙක් මැරිලා එයාගේ මිණිය ගෙනවා. මම හිතන විදිහට මේ මෝචරියට ගෙනාපු බර වැඩිම මිණිය ඒක. ඒ කොරියන් කාරයාගේ ශරීරය පුදුමාකාර මහත ශරීරයක්. අපි 10 දෙනෙක් 12 දෙනෙක් ඒ කියන්නේ මෝචරියේ වැඩකරන අයට අමතරව තවත් පිටිනුත් 06 දෙනෙක් 07 දෙනෙක් එකතුකරගෙන තමයි ඒ මිණිය බොහෝම අමාරුවෙන් මෝචරියේ ඇතුලට ගත්තේත් , මෝචරියෙන් අරං තියෙත්. ඒ මිණිය මේ මෝචරියේ තියෙන ට්‍රොලියේ තියන්නත් බැරිවුනා. මම හිතන විදිහට ඒ මිණිය කිලෝ 600 ක් 700 ක් විතර බරයි. මේ ලගදී මීගමුව මුණක්කරේ මැරුණ අධික මහත ගැණු කෙනාගේ මිණිය කපලා අවසන් වැඩ කෙරුවෙත් අපි බොහෝම අමාරුවෙන්. ඒ ගැණු කෙනත් අර කොරියන්කාරයා වාගේ ම බොහෝම මහතයි. මේවා තමයි මේ රැකියාවේ අමතක නොවන සිදුවීම්.
රෝහලේ තියෙන මේ මෝචරියේ පහසුකම් සහ එහි දැන් තියෙන තත්වය ගැන සැහීමකට පත් වෙනවාද ?
මෝචරිය ගැන නම් සැහීමකට පත් වෙන්න බැහැ. මේ ගොඩනැගිලි දැන් බොහෝම පරණ වෙලා. මේක අඵත් වැඩියා කරලා. තීන්ත ගාලා අඵත් විදිහට හැදෙනවා නම් හොදයි. මේක ශිතාගාර 02 ක් තියෙනවා. එකෙන් එකයි දැන් වැඩ කරන්නේ. ඒ කැඩුනු ශීතාගාරයත් හදලා දෙනවා නම් හොදයි. ඒවාගේ මේ මෝචරියේ වැඩකරන අපිට නාගන්න හරි තැනක් නැහැ. මොකද මිණි කපලා සේරම කරලා අපිට නාන්න වෙලා තියෙන්නේ මේ එලියේ ඉන්න සේරටම පේන්න. ඒවාගේම මෙතැන වැඩකරන අපිට වාගේම අධිකරණ විශේෂඥ වෛද්‍යවරුන්ටත් , ඒවාගේම මෙතනට මිණි ගන්න එන අමුත්තන්ටත් හද්ිසියක් වුනොත් යන්න නිසි වැසිකිලි කැසිකිලි පහසුකම් මෙතන නැහැ. ඒක නිසා අඵත් විදිහට බාත් රූම් කිහිපයක් මේ ස්ථානයට ලබා දෙනවා නම් හොදයි. ඒවාගේම අපිට කෑම කන්න සහ පොඩ්ඩක් විතර විවේක ගන්න පුඵවන් රෙස්ට් රුම් එකක් වාගෙත් තියෙනවා නම් වඩාත් පහසුයි.
රෑකියාව පැත්තෙන් වගේම ඔබේ පෞද්ගලික ජීවිතයේ තියෙන අනාගත බලාපොරොත්තු මොනවාද ?
මම මේ මෝචරියේම රැකියාව කරගෙන ඉන්න කැමතියි. මොකද මට දැන් මේ රැකියාව ගැන හොඳ දැනුමක් , පළපුරුද්දක් තියෙනවා. අනෙක මේ මෝචරියට සම්බන්ධව ඉන්න අධිකරණ විශේෂඥ වෛද්‍යවරු වාගේම අනෙක් රෝහල් කාර්්‍ය මන්ඩලයත් මට හිතවත්. ඒක නිසා මෙතැන රැකියාව මට හොඳින් කරගෙන යන්න පුළුවන් කියලා මම විස්වාශ කරනවා. රැකියාව පැත්තෙන් ගත්තාහම මම වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
මට ඉන්නේ දුවයි , පුතයි. දුව තමයි වැඩිමල් , එයාට දැන් වයස අවුරුදු 10 යි . පුතාට වයස අවුරුදු 06 යි. මේ දෙන්නම පාසල් යනවා. මේ දරුවෝ දෙන්නට මට පුළුවන් විදිහට හොඳට උගන්නන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ . කොහොම හරි එයාලා දෙන්නව රජයේ රැකියා වලට දාගන්න ලැබුනොත් හොදයි. ඒවාගේම මාගේම කියලා ගෙයක් දොරක් හදා ගන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. මොකද මම තවම ඉන්නේ කුලී ගෙදරක නිසා. ඒක නිසා මාගේ ජීවිතයේ තියෙන එක ලොකුම බලාපොරොත්තුවක් තමයි මාගේම කියලා ගෙයක් දොරක් හදා ගන්න එක.