මළමිනි වලිනුත් ගාන කපන අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු…????

0
171

10.6පුද්ගලයෙකු මියගිය විට මල් ශාලා වලින් ගෙන එන අතුනු බහන් ( එනම් එම්බාම් කිරීමේදි ශරීරයේ ඉවත් කරන කොටස් ) සුසාන භූමියේ වැලලීමේදි මීගමුව නගර සභාව විසින් රුපියල් 1000 බද්දක් අය කරන ලදි.
පසුව මේ පිලිබඳව පියවර ගත් නගර සභාව නැවතත් එම මුදල  1000 සිට 3000 දක්වාවැඩි කරන්නට යෙදුණි.
මෙම මුදල වැඩිකිරීමට එක් හේතුවක් විය හැක්කේ මල්ශාලා හිමියන්ගෙන් එක්  මෘතදේහයක් වෙනුවෙන් ගෙවිය යුතු මුදල නිසි පරිදි නොලැබී යෑම විය හැක.
ඔවුන් විසින් මෘතදේහ කීපයක අතුණුබහන් එකතුකර එකවර සුසාන භූමියට බාරදීම සිදුකරනු ඇති බවට සාක්ෂි නැතත් සාධාරණ සැකයක් මතුවී තිබේ.
එක් මෘතදේහයක අතුණූබහන් වෙනුවෙන් රු 3000ක මුදලක් ගෙවන්නට වන නිසා මේ ආකාරයට  මෘතදේහ කීපයක කොටස් එකතු කර එවනු ඇති බවට සැකයක්  පවතී.
මේ තත්වය නිසා මියයන පුද්ගලයන්ගේ මෘත දේහ පිළිඳව නිල වශයෙන් කරනු ලබන ගණන් තැබීම් වලට අනුව ඒ අකාරයටම නගර සභාවට මුදල් නොලැබෙන තත්ත්වයක් පවතින බව වාර්තා වේ.