මළවුන්ගේ නවාතැන වෙත පියමැන්නෙමි….

0
498

නොවැම්බර් මාසය මළවුන්ගේ මාසයයි.
විවිධ ජාතින්ට අයත් විවිධ ආගම් වලට අයත් මිනිසුන්  මීගමුවේ ජිවත් වෙති. ඒ සැමටම පොදු වු එකම සුසාන භූමිය මෙය වේ.
මෙම ඉඩම  එවකට මීගමුවේ ජිවත්ව සිටි ටියුඩර් රාජපක්ෂ මහතාගේ පරිත්‍යාගයකි.  ඔහුගේ සිරුරද මෙහි මිහිදන් කර තිබේ.
ලන්දේසි සමයේ දී මීගමුවේ මිහිදන් කළ  ලන්දේසි ජාතිකයින්ගේ  සොහොන් කොත් හා ඒවායේ   නටබුන් ද මෙහි දක්නට ලැබේ.
මෙම සුසාන භූමියෙහි සියලු ආගම් සදහා  භූමි කොටස් ද  වෙන්කර ඇත.
ශතකයකට එහා ගිය අතීතයක්  ඇති මීගමුව මංඤොක්කාහේන පොදු සුසාන භුමිය පිලිබදව ජායාරූ පෙලක් ..

ඡායාරූප – දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා

මීගමුව පොදු සුසාන භූමිය පිවිසුම

මීගමුව පොදු සුසාන භූමිය පිවිසුම

2. ලන්දේසි සමයේ මිහිදන් කළ සොහොන් කොත්


                                                   3. විවිධ ආගම් වලට බෙදා වෙන් කළ භූමි කොටස්



4. සංගීතවේදි නෙවිල් ප්‍රනාන්දු මහතාගේ සොහොන් කොත

5     ගායන ශීල්පිනී රුක්මනී දේවී මහත්මිය මිහිදන් කල ස්ථානය
6.   සූර සරදියල් විසින් ඔහුගේ සිරගතවීමේ නඩුවට සාක්ෂි දීමට සිටි දුන්ගාලපිටියේ විසු පොලිස් උසස් නිලධාරියෙකු ඝාතනය කරන ලද බවට  මත පලවන අතර එම සොහොන් කොත මෙම ස්ථානයේ ඇත.  මෙය ජනප්‍රවාදයේ එන  කතාවක් වන අතර ඒ ගැන  මෙතෙක් සනාථ කර නැත. නමුත් මෙම සොහොන් කොතේ නෙලා ඇති තරු ලකුණු තුන  පොලිස් සේවයේ යෙදුන උසස් නිලධාරින්ගේ සොහොන් කොත් වල සලකුණු කළ බවටද මතයක් පවතී. එබැවින් මෙය සූර සරදියෙල්ගේ නොව ඔහු අතින් මියගිය පොලිස් නිලධාරියාගේ බවට ද සනාථ කළ හැක.  නමුත් මෙය සූර සරදියෙල්ගේ සොහොන් කොත ලෙසද  ඇතැමුන් හදුන්වයි.

7   සුසාන භූමිය වෙනුවෙන් ඉඩම පරිත්‍යාග කල ටියුඩර් රාජපක්ෂ මහතාගේ
දෙමාපියන්ගේ සොහොන් කොත්..

නොවැම්බර් මාසය මළවුන්ගේ මාසයයි.
ඒ වෙනුවෙන් සිය ලබැදියන් සිහිකිරීමට මොරටුවේ සිට පැමිණි සොහොයුරු දෙපළක්.

නොවැම්බර් මාසය මළවුන්ගේ මාසයයි.
10.     ඉපැරිණි හා අලංකාර නිර්මානයන් වූ සොහොන් කොත්


සටහන් – 
මෙම ලිපිය සැකසීම සදහා අනුමැතිය ලබාදුන් මීගමුව මහ නගර සභාවේ නගරාධිපතිතුමාට ස්තූතිය පිරිනමන අතර තොරතුරු හා මගපෙන්වීම් සිදුකළ සුසාන භුමියේ ස්ථානභාර නිලධාරී මහතාට අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු.