මළවුන්ගේ මාසය ඇරඹුණේ 52 හැවිරිදි සෙංගම්මාගේ ජීවිතය උදුරාගෙනය

0
74

14907143_1348090978566965_1075444586553565335_nබෝලවත්ත රංගම්මුල්ල ප්‍රදේශයේ උළු කර්මාන්තශාලා භුමියක මැරි සිටි කාන්තාවකගේ සිරුරක්  ඊයේ  (01 )  දහවල් සොයාගන්නා ලදී. මෙම  කාන්තාව මරා දැමීමට පෙර යම් අයෙක් විසින් ඇයව දුෂණය කර ඇති බවත් ස්වසන මාර්ගය අවහිර කිරිමෙන් මරා දමා ඇති බවත්  අද (02) මළ සිරුර සම්බන්ධයෙන් හලාවත රෝහලේ සිදුකල පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව තීන්දු කර තිබේ . පශ්චාත් මරන පරීක්ෂණය හලාවත රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරි ඩි කේ විජේවර්ධන මහතා විසින් පවත්වා තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ උළු කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි සෙවුනි සෙංගම්මා නැමති 52 හැවිරිදි කාන්තාවකි.
මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් සොයා වෙන්නප්පුව පොලිසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබේ.


ඡායාරූපය සහ තොරතුරු මුලාශ්‍රය -චන්දන ප්‍රනාන්දු /chandana7520@gmail.com
/https://www.facebook.com/chandana.fernando.33?fref=ts

Save