මළවුන් මල්…..

0
121

ලොව පුරා වෙසෙන කතෝලික භක්තිකයන්ට නොවැම්බර් 02 වනදා උදාවන්නේ තමන්ගෙන් වියෝවූ ආදරණීයයන් සිහිකිරීමේ දවසක් උදාකරමිනි.

ඔවුන් වෙනුවෙන් ඉටිපහනක් දල්වන්නට, මලක් පූජා කරන්නට, පූජාවක් තියන්නට මේ ඥාාතීන් සැදී පැහැදෙන්නේ ඊට දින කීපයකට පෙර සිටය. සූසාන භූමියට ගොස් මිහිදන් කළ මළවුන්නේ ගේ සොහොන් අවට පිරිසිදු කර ඔවුන් ගැන මතකය අලුත් කරයි.


කාලයට අනුව මළවුන් වෙනුවෙන් සිදුවන චාරිත්‍ර වාරිත්‍ර වලට විවිධ සංස්කාතික වටිනාකම් ද එක්වී තිබේ. කලකට පෙර මළවුන් වෙනුවෙන්, පිට්ටනියට ගොස් පත්තු කිරීමට ඉටිපන්දම් සහ ගිණිපෙට්ටියක් ද වත්තේ ඇති මල් ටිකක් කඩා වතුර ඉසගෙන රැගෙන ගිය ඔවුන් බෙහෝ දෙනෙකු අද ඊටත් වඩා ලස්සනට සැකසූ මල් කළඹ්ක් නැත්නම් මල් පොකුරක් රැගෙන යති.
ඒ වෙනුවෙන් යම් මිළක්ද ගෙවන්නට සිදු ුවවත් එයද මෙම චාරිත්‍ර වාරිත්‍ර අතර ප්‍රධාන අංගයකි.