මළවුන් වෙනුවෙන් මල්

0
778

ලොව පුරා වෙසෙන කතෝලික භක්තිකයන්ට නොවැම්බර්  02 වනදා  උදාවන්නේ තමන්ගෙන් වියෝවූ ආදරණීයයන් සිහිකිරීමේ දවසක් උදාකරමිනි.  ඔවුන් වෙනුවෙන් ඉටිපහනක් දල්වන්නට, මලක් පූජා කරන්නට, පූජාවක් තියන්නට   මේ ඥාාතීන් සැදී පැහැදෙන්නේ ඊට දින  කීපයකට පෙර සිටය. සූසාන භූමියට ගොස් මිහිදන් කළ මළවුන්නේ ගේ  සොහොන් අවට පිරිසිදු කර  ඔවුන් ගැන මතකය අලුත් කරයි.
කාලයට අනුව මළවුන් වෙනුවෙන් සිදුවන චාරිත්‍ර වාරිත්‍ර වලට විවිධ සංස්කාතික වටිනාකම් ද එක්වී තිබේ. කලකට පෙර මළවුන් වෙනුවෙන්, පිට්ටනියට ගොස් පත්තු කිරීමට ඉටිපන්දම් සහ  ගිණිපෙට්ටියක් ද වත්තේ ඇති මල් ටිකක් කඩා වතුර ඉසගෙන රැගෙන ගිය ඔවුන් බෙහෝ දෙනෙකු අද ඊටත් වඩා ලස්සනට සැකසූ මල් කළඹ්ක් නැත්නම් මල් පොකුරක් රැගෙන යති.
ඒ වෙනුවෙන් යම් මිළක්ද ගෙවන්නට සිදු ුවවත්  එයද මෙම චාරිත්‍ර වාරිත්‍ර අතර ප්‍රධාන අංගයකි. මෙලෙස ‘සැකසූ මල්’  මළවුන්ගේ දිනයේදී  සුසාන භුමියට රැගෙන යාම  දැනට අවුරුදු 3ක පටන් ටිකෙන් ටික  වැඩි වර්ධනය  වන බව කැපී පෙනෙන කාරණයකි.
2013-10-31 16.40.48
එය මනින්ට ඇති හොදම මිම්ම නම් බොහෝ මල් වෙළද සැල් වල එදිනට අමතරව හට් එකක් ගසා  වැඩිපුර මල්  බොකී (කළඹ) හා මල් පොකුරු අළෙවියට තබා තිබීමයි. එමෙන්ම දැන් දැන්  සුළු වශයෙන්ද තැන් තැන් වල මළවුන් ගේ දිනයට මල් අළෙවි කිරීමට තබා තිබේ.
සමහර තැන්වල සුසාන භූමිය අසලත් ඒ අවටත්  සැකසූ  අමු මල්  අළෙවි කරයි.
මෙය හොද ආදායම් මාර්ගයක්  වී ඇති බවද එමගින් පෙනී යයි.
2013-10-31 16.36.22
කෙසේ වුවත් තමන්ගෙන් වෙන්වූ ලබැදියන්  වෙත  ලංවිමට මල් තරම් සුදුසු දෙයක්  තවත් නොමැත. ‘මල් ‘ මනුෂ්‍ය ජීවිතයේ බොහෝ සංවේදී අවස්ථාවන් වලදී මිනිසුන්ගේ හැගීම් නියෝජනය කිරීමට ඉදිරිපත්වන දෙයකි. එනයින් ජීවත්වන්නන් හා මළවුන් අතර සම්බන්ධයේදී ද මල් ප්‍රධාන ස්ථානයක් ගෙන ඇත.
හෙට උදාවන මළවුන්ගේ දිනය වෙනුවෙන් ලකලෑස්ති වන මීගමුවේ ‘චෙරි බ්ලොසම්’ මල් අළෙවි සැලේ අධිපති ටී.ජී.එස් කුමාර මහතා සමග ඔහුගේ මල් ව්‍යාපාරය ගැන තොරතුරු බිදක් සොයා බැලුවෙමු


වසර 20ක් පුරා මීගමුවේ  මල් වෙළදසැලක් පවත්වාගෙන යන ඔහු පවසන්නේ  නොවැම්බර් 01 දාට හා 02 වනදාට මල් අළෙවියෙන් හොද ආදායමක් ලබාගන්නට හැකි බවයි. ඒ වෙනුවෙන් විශේෂයෙන්  නුවරඑළිය,  බන්ඩාරවෙල යන ප්‍රදේශ වලින් මල්  ඇණවුම් කර ගෙන්වා ඇති  අතර දිනකට  කලින් සිට මල් විවිධාකාරයට සැකසීම ආරම්භ කරයි.  මේ දිනයේදී අළෙවි වන මල් අතර , ක්‍රිෂානි,ආගබන්දාස්,
ජර්බ්රාස්, අස්ටෝටේරියා, කපුරු ඩේසි,වැනි මල් වර්ග පොකුරු මෙන්ම මල් බොකී ලෙස සැරසීමට යොදා ගනියි.  ‘චෙරි බ්ලොසම් ‘මල් වෙළදසැලේ මල් බොකීස් රු 400 සිට අළෙවි කිරීමට ඇති අතර මල් පොකුරු පාරිෙභා්ගිකයින්ට  අවශ්‍ය මිළකට ලබාගත හැකියි.

2013-10-31 16.40.31


2013-10-31 16.41.08

සටහන සහ ඡායා – කුමාරි ප්‍රනාන්දු
[Photo and video  by/Glaxi mini 2 mobile phone]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here