මළවුන් සහ මල්

0
156
මළවන් සිහිකිරීම ආගමික චාරිත‍්‍රයක් ලෙසත්, තමන්ගෙන් වෙන්වූ ලබැඳියන් සංකේතවත්ව සිහිකිරීමත් නොවැ: 02 වනදාට සිදුකරයි. ලංකාවේ කතෝලික බැතිමතුන් මළවුන් සිහිකිරීම වැඩිවශයෙන් සංස්කෘතික අංගයක් ලෙස ඉටුකරයි. නොවැ: 02ටත් ඊට පෙර දිනත් ඉන් පසුව නොවැම්බර් මාසයේම මළවුන් වෙනුවෙන් විවිධ චාරිත‍්‍ර, සිහිකිරීම්, ආගමික වතාවත් කතෝලිකයන් විසින් සිදුකරනු ලබයි.
මේ අතර නොවැම්බර් 01 වනදා සුසාන භූමියට ගොස් ආගමික වතාවත් සිදුකර ඔවුන්ගේ මියගිය ඥාතීන්ගේ සොහොන් අභියස මල් තබා, ඉටි පහන් පත්තු කිරීම ප‍්‍රධාන පිළිවෙතකි. මේ චාරිත‍්‍රය වෙනුවෙන් අවශ්‍ය වන මල් වර්ග අතීතයේදී නම් සොයා ගත්තේ තමන්ගේ ගෙවත්තෙන් හෝ මල් වවා ඇති අසල්වාසීන්ගේ ගෙවතු වලින් වුවත් වර්තමානයේ දී මේ තත්ත්වය ඉඳුරා වෙනස් මුහුණුවරක් ගෙන ඇත. වෙළෙඳුන් විසින් මහත් අලංකාරයක් එක් කළ ආදරවන්තයින්ගේ දිනයට මෙන්ම අද වන විට මළවුන්ගේ දිනයට ද මල් ශාලා විසින් පෙර දිනයේ සිටම සූදානම් වී මළවුන් වෙනුවෙන්් විවිධ මිළ ගණන් යටතේ මල් කළඹවල් අළෙවි කිරීමට තබා ඇත. මේ දින දෙක තුළ මළවුන් නිසා මල් අළෙවිකරුවන් ද සිය ව්‍යාපාරයට අලූත් අවස්ථාවක් උදාකරගෙන ඇති අතර 2010 නොවැම්බර් මස වන විට එවැනි ස්ථාන මේ ප‍්‍රදේශ වල බහුල වී ඇති බව පෙනී යයි.
සමහර මල් අලෙවි කරන ස්ථානව වලට මේ දින 02 හා 03 ට තාවකාලික පදනම යටතේ සේවකයන් එක්කෙනෙක් හෝ දෙන්නෙක්ද සේවයේ යොදා ගැනෙන අතර එලෙසම මේ මල් ව්‍යාපාරිකයන්ගේ පවුල් වල සෙසු උදවිය ද, හිතවතුන් ද මේ දින කිහිපය තුළ මල් අළෙවි කිරීමේ කටයුතු වලදී ඔවුනට උදව් උපකාර කරති.

මළවුන් සිහිකිරීම ආගමික චාරිත‍්‍රයක් ලෙසත්, තමන්ගෙන් වෙන්වූ ලබැඳියන් සංකේතවත්ව සිහිකිරීමත් නොවැ: 02 වනදාට සිදුකරයි. ලංකාවේ කතෝලික බැතිමතුන් මළවුන් සිහිකිරීම වැඩිවශයෙන් සංස්කෘතික අංගයක් ලෙස ඉටුකරයි. නොවැ: 02ටත් ඊට පෙර දිනත් ඉන් පසුව නොවැම්බර් මාසයේම මළවුන් වෙනුවෙන් විවිධ චාරිත‍්‍ර, සිහිකිරීම්, ආගමික වතාවත් කතෝලිකයන් විසින් සිදුකරනු ලබයි.

මේ අතර නොවැම්බර් 01 වනදා සුසාන භූමියට ගොස් ආගමික වතාවත් සිදුකර ඔවුන්ගේ මියගිය ඥාතීන්ගේ සොහොන් අභියස මල් තබා, ඉටි පහන් පත්තු කිරීම ප‍්‍රධාන පිළිවෙතකි. මේ චාරිත‍්‍රය වෙනුවෙන් අවශ්‍ය වන මල් වර්ග අතීතයේදී නම් සොයා ගත්තේ තමන්ගේ ගෙවත්තෙන් හෝ මල් වවා ඇති අසල්වාසීන්ගේ ගෙවතු වලින් වුවත් වර්තමානයේ දී මේ තත්ත්වය ඉඳුරා වෙනස් මුහුණුවරක් ගෙන ඇත. වෙළෙඳුන් විසින් මහත් අලංකාරයක් එක් කළ ආදරවන්තයින්ගේ දිනයට මෙන්ම අද වන විට මළවුන්ගේ දිනයට ද මල් ශාලා විසින් පෙර දිනයේ සිටම සූදානම් වී මළවුන් වෙනුවෙන්් විවිධ මිළ ගණන් යටතේ මල් කළඹවල් අළෙවි කිරීමට තබා ඇත. මේ දින දෙක තුළ මළවුන් නිසා මල් අළෙවිකරුවන් ද සිය ව්‍යාපාරයට අලූත් අවස්ථාවක් උදාකරගෙන ඇති අතර 2010 නොවැම්බර් මස වන විට එවැනි ස්ථාන මේ ප‍්‍රදේශ වල බහුල වී ඇති බව පෙනී යයි.

සමහර මල් අලෙවි කරන ස්ථානව වලට මේ දින 02 හා 03 ට තාවකාලික පදනම යටතේ සේවකයන් එක්කෙනෙක් හෝ දෙන්නෙක්ද සේවයේ යොදා ගැනෙන අතර එලෙසම මේ මල් ව්‍යාපාරිකයන්ගේ පවුල් වල සෙසු උදවිය ද, හිතවතුන් ද මේ දින කිහිපය තුළ මල් අළෙවි කිරීමේ කටයුතු වලදී ඔවුනට උදව් උපකාර කරති.

සටහන/ඡායා – තුෂාර රොහාන්