ම්ලේච්ඡත්වයට එරෙහිව යාපනේ විරෝධතා….

0
147

137620145 10224555564254963 4010448298335755986 n
136349070 437731597588542 4150728948691107395 n
135213855 437731567588545 3092821862823733110 n
138054697 1747006042140405 8092778080840046900 n
136967681 1747042065470136 3258245403408974884 n
137515624 1747042158803460 7198803767052604618 n

යුද්ධය අවසන් වීමේ 10 වැනි සැමරුම වෙනුවෙන් යාපනය විශ්විද්‍යාලයේ ස්ථාපිත කරනු ලැබු යුද්ධයේදි මිය ගිය අය සමරිම සදහා වු ස්මාරකය ඊයේ රාත්‍රියේ පොලිසියේද මැදිහත්විමෙන් බුල්ඩෝසරයක් මගින් විනාශ කර දමා ඇත.

මිය ගිය වුන් සිහිකරන ස්මාරක වලිනුත් පළිගන්නට තරම් වු මේ ම්ලේඡචත්වය අනුමත කළ හැක්කේ මිනිස් හදවතක් නැති එකෙකුට පමණි.
ඒ නිසාම මිනිස් හදවත් ඇති සැම විසින් ඊයේ රාත්‍රියේ සිට යාපනයේ විශ්ව විද්‍යාල භුමිය ඉදිරිපිට ඇරඹි විරෝධතාවය දිගටම පැවැති අතර පසුව පොලිසිය පැමිණ නිරෝධායන නිති රෙගුලාසි ක්‍රියාත්මක කිරිමට සිදුවන බව පවසා සිටිමත් සමගින් එය අවසන් කිරිමට සිදුව ඇති බව වාර්තා වේ

සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන විදර්ශන කණනන්ගගර සිය ෆේස් බුක් පිටුවේ මෙසේ සටහනක් තබා තිබුණි.

කුසල් කවින්ද අමරසිංහද සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබේ.
යාපනය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි සැමරුම් ස්මාරකයක් පොලීසිය විසින් බලහත්කාරයෙන් ඉවත් කර ඇත. පසුගිය වසරේදී එම ස්මාරකය ඉදිකර තිබුණේ සිවිල් යුද්ධය අවසන් වීමේ 10 වැනි සංවත්සරය වෙනුවෙනි.

යුධ සැමරුම් ස්මාරක දකුණේ සෑම තැනම ඉදිකර ඇති වග අපි දනිමු.

එහෙත් යාපනය විශ්වවිද්‍යාලයේ සැමරුම් ස්මාරකය කඩාබිඳ දැමීමට ඇති එකම හේ්තුව එය යුද්ධයෙන් මිය ගිය දමිළ ජනතාව සිහිකර නිර්මාණය කිරීමය.

නීති පීඨ ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මීට වසර 3කට පෙර මා යාපනය විශ්විද්‍යාලයට පැමිණ ඇත.
ඉන් පසු කිහිප අවස්ථාවකදීම විශ්විද්‍යාල ශිෂ්‍යයකු වශයෙන් හා නීතිඥයකු වශයෙන් යාපනයට ගොස් ඇත්තෙමි.
ඒ සෑම අවස්ථාවකදීම මා දුටු එක් දෙයක් මෙහි ලා සඳහන් කරමි. උතුර තවමත් ජීවත් වන්නේ සුව නොවූ තුවාල කැළැල් සමඟය.
යුද්ධයක සැමරියයුතු කිසිවක් නැත.
යුද්ධයක ඇත්තේ යළි යළිත් සිහිකළ යුතු ‘අහිමිවීම’ යන යතාර්ථය පමණි.
එබැවින්, යුද්ධයෙන් මියගිය තම ආදරණීයයන් සිහිකිරීමේ අයිතිය දකුණට පමණක් හිමි වන්නේ නැත. එය උතුරටත් එලෙසම හිමිවිය යුතුය.
මනුෂ්‍යත්වයේ නාමයෙන් අප එම අයිතියට ගරු කළ යුතුය.
යුද්ධය අවසන් වීමේ 10 වැනි සැමරුම වෙනුවෙන් යාපනය විශ්විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ වෙබ් අඩවියේ මීට වසර 2කට පෙර සටහන් කර තිබූ සටහනක් පහත උපුටා දක්වමි.

“இருளின் யதார்த்தத்தை புரிந்துக்கொண்டால், கிழக்கு வெளிப்பதற்காக வானம் ஆயத்தமாகும்!

“”අඳුරේ යතාර්ථය තේරුම් ගන්නේ නම්, හිරු උදා කර දීමට අහස සුදානම් වනු ඇත!
“අපි මෙලෙස මහ විරු දිනය සිහිපත් කරනුයේ රට අල්ලා ගැනීමට නොව.
ඔබලාට එරෙහිව ආයුධ අතට ගත් බව සිහිකිරීමට ද නොව.
ඔබත් සමඟ අපට ගැටුම් තිබෙන බව ද සිහිකරන්න නොව.
ඔවුන් අපේ දරුවන්ය.
ඔවුන් අපේ සහෝදරයින්ය.
ඔවුන් අපගේ මිතුරන්ය.
ඒ සෑම දෙයකටම වඩා ඔවුන් අප වෙනුවෙන් ජීවිත කැප කළ මිනිසුන්ය.
ඔබ ඔවුන්ව විරුවන් ලෙස පිළි ගත යුතු නැත.
ඔබ ඔවුන්ට වන්දනා මාන කළ යුතු නැත.
එහෙත් ඔවුන් කෙරෙහි අප හද තුළ ඇත්තේ භක්තියක් නැතිනම් ගරුත්වයක් බව පිළිගන්න.
එයම පමණක් අපට ප්‍රමාණවත්ය.
ඔවුන් අප වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ පිරිසක් බවට වන සත්‍යය පිළිගත් අප හදවත් බිඳ නොහරින්න.
එවිට අපේ ශ්‍රී ලංකාවට හිරු උදාකර දීමට අහස සුදානම් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here