ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය කටුවපිටිය ජනතාව සිහිකරයි!

0
283

 

මීට වසර පහකට පෙර කටුව පිටිය දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකර විශේෂ දේව මෙහෙයක් අද එනම් 21/04/2024 දින උදෑසන කටුවපිටිය දේවස්ථානයේදී පැවැත්විණි. එම විශේෂිත දේව මෙහෙය , ජී.ඩී.ඇන්තනී සහ මැක්ස්වෙල් සිල්වා යන කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලා දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එමෙන්ම එම බෝම්බය පිපිරුණු කාලවකවානුව තුළ එනම් මීට වසර පහකට පෙර කටුවපිටිය දේවස්ථානයේ මීසම් පාලක ලෙස කටයුතු කළ ශ්‍රී ලාල් ෆොන්සේකා පියතුමාද මෙම දේව මෙහෙය සඳහා සහභාගි විය. එලෙසම මීගමු කලාප භාර සිස්වාන් කෲස් පියතුමා ඇතුළු තවත් ආරාධිත පියතුමන්ලා ගණනාවක් සහ කන්‍යා සොයුරියන් රැසක්ද මෙම විශේෂිත දිව්‍ය පුජාව සඳහා සහභාගිවී සිටිනු දක්නට ලැබිණ.
මෙම දිව්‍ය පූජාවෙන් පසුව එම බෝම්බය පිපිරීමෙන් කටුවාපිටිය දේවස්ථානය තුළ මියගිය පිරිස සිහිකිරීම සඳහා දේවස්ථානයේ ඉදිරිපිට ඉදිකර ඇති ස්මාරකය ඉදිරියේ පහන් දල්වා පුෂ්පෝපාහර සිදු කරනු ලැබීය. එම අවස්ථාව ඉතාම සංවේදී ජනක අවස්ථාවක් විය. බෝම්බය පිපිරීමෙන් මිය ගිය තම ඥාතීන් සිහිකිරීම සඳහා විශාල පිරිසක් දේවස්ථාන භූමියේ වූ ස්මාරකය වෙත පැමිණ සිටිනු දක්නට ලැබිණි.

 

ඡායාරූප – තුෂාර රොහාන්