මාංකුලිය ලෙල්ලම අවට මහා මාර්ගයේ පදික වෙළදාම තහනම්

0
236

මීගමුවේ නාගරික දේශපාලකයන් සැම විට කල්පනා කරන්නේ බල්ලෝ මරා හෝ මුදල්  සොයන්නටය.ඊටම උඩගෙඩි දෙන්නට සැදි පැහැදි සිටින ඇතැම් නාගරික නිලධාරින් ද පළාත් පාලන නිතියද පසෙක ලා දේශපාලකයන්ගේ සකල විධ උප්පර වැට්ටි හමුවේ බලුවෙමින් සිටිති.

තලාහේන පේරුව යනු දහස් ගණක ජනතාවගෙන් සමන්විත දූපතක් බදු කලාපයකි.එක්පැත්කින් කලපුවත් අනෙක් පැත්තෙන් මුහුදත් අතර මැද්දේ දිගට විහිදි ගිය මේ  භූමි කලාපය මීගමුවේ වැඩිම නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් සිටින  ප්‍රදේශයද වෙයි.

එහෙත් ජනතාව මුහුනදෙන ප්‍රශ්ණ වල නම් කිසිදු අඩුවක් නැත. මේ අය වසර කිපයක පටන්ම අති දුෂ්කරතාවකට පත්වු එක් කරුණක් වුයේ මීගමුව මහ නගර සභාව විසින් මංකුලය ලේලලම අවට මහා මාර්ගය දෙපසේ පදික වේදිකාවේ මාළු අලෙවි කරන්නට අවසර ලබාදිම හේතුවෙන් එහි ඇතිව තිබෙන මාර්ග තදබදයයි.අලුයම 3 නේ පමණ සිට ක්‍රියාත්මක මේ ලෙල්ලමේ කටයුතු සසහා පැමිණෙන සියළු වාහන නවතා තැබෙන්නේද මංකුලිය පාලම මතය. මේ නිසා විශේෂයෙන් උදෑසන පාසැල් යන දුදරුවන් මෙන්ම  දෛනිකව රැකියා හා වෙනත් කටයුතු සදහා මේ හරහා යනෙන සැම මහත් අපහසුවකට පත්ව තිබුණි.මේ පිළිබදව අවස්ථා කිපයකදි හිටපු නගරාධිපති  වරුන්ගේ අවධානයට  මෙය යොමු කළ විට එක් අයෙක්  පවසා තිබුනේ පේරුවෙන් ලැබෙන එකම ස්ථිර ආදායම මෙය වන නිසා එය නවතා ලන්නට නොහැකි බවය.

මහනගර සභාව විසින් නිත්‍යණුකූලව ටෙන්ඩරයක් මගින් මේ ඉඩ ලබා දි තිබුනේ මංකුලියේ ලේලලම අසලින් දූව දෙසට දිවෙන නිව්ටන් මාවතේය. දූව යනු ඉතා කුඩා බිම් කඩක ව්ශාල ජනගහණයක් සිටින ප්‍රදේශයකි.මේ අයට මීගමුව නගරයට යාම සදහා මංකුලියට පැමිණිමට  ඇති කෙටිම මග වැටි තිබුනේ මේ නිව්ටන් මාවත හරහාය.

මහජනයාගේ ගමනා ගමන පහසුව ගැන කිසිත් නොතැකු දේශපාලකයන් ටෙන්ඩරයෙන් මුදල් සෙවිම සදහා නිව්ටන් මාවත් මාළු වෙළෙදුන්ට බදු දුන්නේය.මෙ හි ඊළග අරුමය වන්නේ මේ ටෙන්ඩරය ලබාගත් තැනැත්තාද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කෙනෙකු විමයි.කෙසේ වෙතත් වසර ගණනාවක් පුරා පැවති මේ මහජනයාගේ අපහසුවට උතතර සොයන්නට තලාහේන පේරුවෙන් ම පත්ව ආ සහ මේ ලෙල්ලමේ සිය ජිවනෝපාය පවත්වාගෙන ගිය ඇන්ටන් ජයවීර මන්ත්‍රිවරයාට වසර 7 ක් පමණ තිස්සේ නොහැකි වුවද ඔහු නගරාධිපති වු කළ මෙය විසදා වි යැයි අප සිතුවේ මෑතකදි වරක් ඔහු මේ ගැන පසුගිය සමයේ  මන්ත්‍රිවරයෙක් ලෙසින් මේ කථා කර තිබු බැවිනි.

එහෙත් ඔහු නගරාධිපති ලෙසින් මේ වෙනුවෙන් කිසිවක් කලේ නැත.දේශපාලකයන් මෙන්ම නිතිවිරෝධි ටෙන්ඩර් කරුවන්ට දඩුවම් ක්‍රියාත්මක නොකළ නිළධාරින්ද මහහැර ගිය ප්‍රශ්ණය අවසාන වශයෙන් විසදා ලන්නට වුයේ අධිකරණයටය.

ඒ ලෙල්ලම් භූමියේ මතුව තිබු ආරවුලක් සා සැබැදුන කරුණක් ලෙසටය.කෙසේ වෙතත් පසුගිය සිකුරාදා ලෙල්ලමට පැමිණි පොලිස් නිළධාරින් එහි පදික වෙළදුන්ට පවසා තිබුනේ 2011 දෙසැම්බර් 19 වනදා සිට පාර දෙපැත්තේ වෙළදාම අධිකරණය විසින් තහනම් කර ඇති බවය.

වසර ගණනක් පේරුවේ ජනතාව මුහුණ දුන් ප්‍රශ්ණයක් ඒ ප්‍රදේශයේ දේශපාලකයන්ට හෝ නගර සභාව නිලධාරින්ට විසදා ලිමට නොහැකි විම මගින් මීගමුවට ලැබෙන පණිවිඩය කුමක්ද…???