මාඔයේ ඉවුරු සංරක්ෂණයට පියවර

0
57

වසර 15ක පමණ කාලයක සිට මා ඔය පිටාර ගැලීමෙන් පීඩාවට පත්ව සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය ලේඛම් කොට්ටාසයට අයත් සින්දාත්‍රිය වයික්කාල ජනතාවගේ ගැටළුවට විසදුමක් ලෙස මා ඔයේ ඉවරු කඩාගෙනයාම වැලැක්වීම සදහා රුපියල් මිලියන 18ක මුදලක් වියදම් කර ගල් වැටියක් දැමීම පසුගියදා ආරම්භ කෙරිණි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් ලබා දුන් ප්‍රතිපාදන මත පුත්තලම් දිස්ත්‍රික් වාරිමාර්ග කාර්‍යාලයේ අධීක්ෂණයෙන් මෙම ගල්වැටි දැමීම සිදුකරයි. වසර 15ක සිට ගම්වැසියන්ගේ ඉඩම් අක්කර ගණනාවක් හා නිවාස රැසක් සෑම වර්ෂයකම ඇතිවන ගංවතුර කාලයේ මාඔයට බිලිවන බවත් මේ ආකාරයෙන් හෝ තමන් පීඩාවට පත්ව සිටි ගැටළුවට විසදුම් ලබා දීම පිලිබදව බලධාරීන්ට ස්තූතිවන්ත වන බව ගම්වැසියෝ පවසති.

flood-8
පෙර අවස්ථාවක ප්‍රදේශයට ගංවතුර දැමූ අවස්ථාවක්

 

චන්දන ප්‍රනාන්දු –  නයිනමඩම