‘‘මාගේ දේශපාලන ජීවිතය තුළ ජනමාධ්‍යට කිසිදු බලපෑමක් මම සිදුකර නැහැ‘‘

0
56


විපක්ෂයේ පොදු  අපේක්ෂක  මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේදී පැවති මාධ්‍යෙව්දීන්ගේ ජාතික සමුළුවට  සහභාගීවෙමින් කළ  අදහස් දැක්වීමේදී ඔහු කියා  සිටියේ තමන්ගේ දේශපාලන ජීවිතයේදී මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කිසිදු බලපෑමකට සහ  කිසිදු අකටයුතුකමකට තමන් මැදිහත් වී නැති බවයි. මෙම අවස්ථාවේදී මාධ්‍යෙව්දීන් විසින් ඉදිරිපත් කරන ලද මාිධ්‍ය ප්‍රතිපත්ති ඉදරියේදී පත්වෙන රජයකදී ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බවට ද ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාවට  විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති ජනාධිපති අපේක්ෂකයන් මෙන්ම ජනමාධ්‍යෙව්දීන් රැසක් සහභාගී වූහ. මෙම අවස්ථාවේදී ජනාධිපති අපෙක්ෂකයන් විසින් මාධ්‍යෙව්දීන්ගේ නිදහස සම්බන්ධයන්  මෙම රජය විසින් ගෙන යන මර්ධනීය පිළිවෙත හෙළාදකිමන් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් සිය අනාගත දැක්ම පිළිබදව අදහස් දැක්වූහ.   එමෙන්ම මෙම සමුළුවට උතුරු නැගෙනහිර
මාධ්‍ය වේදීන් රැසක් ද  සහභාගී වී සිටීම විශේෂත්වයකි.  ජනමාධ්‍යෙව්දීන්ගේ ජාතික සමුළුව  කොළඹ ධර්ම විජය පදනමේදී පවත්වන ලදී.
IMG_8104














                                                                      ඡායාරූප දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා