මාතරට පමණක් නොව මීගමුව රෝහලේ බලධාරින්ටත් චෝදනා එවන්න?

0
68

අචලා නම් වු තරුණියගේ අතක්  වෛද්‍ය නොසැලකිල්ල නිසා කපා ඉවත් කරන්නට විමට මාතර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 21 ක් වෙත චෝදනා පත්‍ර   යැවිමට කටයුතු කර ඇතැයි පුවතක් මාධ්‍ය වල පළවිය. ඒ අනුව එහි වෛද්‍ය අධිකාරි වරයාද චෝදනා ලැබුවේ රෝහලේ දුර්වල පාලනය  නිසාවෙනි.
මීගමුව රෝහල අප දන්නා තරමින් දැනට කාලයක සිට වෛද්‍ය නොසැලකිල්ල නිසා පමණක් නොව රෝහලේ පරිපාලනයද ඉතාමත් දුර්වල මට්ටමක පැවතිම නිසා ගැටළු රාශියක් මතුව තිබුණි.
විශේෂයෙන්ම 2007 නොවැම්බර් මාසයේ 12 වනදා චමිලා නම් වු තරුණියව  මීගමුව රෝහලේ උඩු මහලෙන් බිමට දමා ඝාතනය කිරිමට කටයුතු කළා යැයි සැක කරන සිමාවාසික වෛද්‍යවරයා ඔක්ෙකාබර් මස එක්තරා දිනකදි  රෝහලේ නේවාසික ප්‍රතිකාර කළ තරුණියක් කිසියම් පරික්ෂණයක් සදහා යැයි කියමින් රෝහලේ කාමරයකට රැගෙන ගොස් ලිංගික අතරවයක් කිරිමට උත්සාහ කර තිබුණි.පසුව එම තරුණිය එතනින් පැන ඇවිත් ඇගේ පෙම්වතාටද මේ බව සැලකිරිමෙන් පසුව අදාල වෛද්‍යවරයාට පහර දිමක් පවා රෝහල් භූමිය තුලදි සිදුව තිබුණි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ තොරතුරු සහිතවම හෙළිදරව් කිරිම් සිදු කළද එවකට මීගමුව  රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාව සිටි වෛද්‍ය ඇන්ටන් තිසේරා නිසි පියවරයක් ගත් බවක් නොපෙනුනි.
මේ නිසාම නොවැම්බර් මාසයේදි අහිංසක තරුණියකට සිය ජිවිතය අහිමි වන තැනට පමණක් ෙනාව රෝහලටද අපකිර්තියක් ගෙන එන තත්වයක් ඇතිවුයේ එවකට පැවති මේ බලධාරින්ගේ පරිපාලනයේ ඇති දුර්වලතාව නිසාවෙනි.
ඒ තත්වයට මීගමුව රෝහලේ බළධාරින් පමණක් නොව බස්නාහිර පළාතේම බලධාරින් වගකිය යුතුව ඇත.
එහෙත් මේ කිසිවෙකුටත් අචලාගේ සිදුවිමේදි මෙන් චෝදනා පත්‍ර  ලැබෙන්නේ  නැත.