මාතලේ රස කටුලොවි මීගමුවට ගෙනආ අසිත….

0
832
IMG 20220130 WA0016 1
IMG 20220130 WA0009

කට්ටුව , දේවස්ථානය අභියස” මාතලේ කටුලොවි” යනුවෙන් දැන්වීම් පුවරුවක් දෙපස තබා ගනිමින් කටුලොවි විකුණන තරුණයෙකි .
මම ඒ අසලට ගොස් එ්වායේ මිල ගණන් විමසා සිටියේ කටුලොවි මිලදී ගැනීම අරමුණු කරගෙන නොව ඔහු සමග කතාබහක යෙදීමේ අටියෙනි.
: *පුතා කටුලොවි කීයද?
*250ක් රුපියල් 250/යි.
*ගම කොහෙද?

  • මොරටුව .
  • නම .
  • අසිත .

  • අපේ කතාබහ සිදුවන අතර කටුලොවි මිලදී ගැනීමට පැමිණෙන අය නිසා තාවකාලිකව කතාව නතර කළද , නැවත ඉඩ ලද විගස අපි ඔහුගේ මෙම පලතුරු විකුණන රැකියාව ගැන තොරතුරු කතා කළෙමු.

  • මේවනවිට වයස අවුරුදු 22 ක් පමණ වූ අසිත ඉතා ලාබාල අවධියේ සිටම අධ්‍යාපන කටයුතු වලට වඩා අවධානය දී අැත්තේ අතට මුදලක් ලබාගත හැකි කුමක් හෝ දෙයක් කිරීමටය. එබැවින් ඔහු මොරටුවේ කරන ප්‍රධාන රැකියාව වන වඩුවැඩ රස්සාව ලෙස තෝරා ගැනීම කෙරෙහි යොමුවිය. එසේ යොමුවෙමින් අවුරුදු එකහමාරක් පමණ මෙම රස්සාව කළ බව ඔහු පැවසීය .
    අසිත ගේ පියා ධීවර රැකියාව කරන බවත්, මව දෙහිවල බැංකුවක ක්ලීනින් සර්විස් කටයුතු වලට අදාල රැකයාවක් කරන බවත් ඔහු පවසයි.
    ⁣මෙවැනි තරුණයකු අධ්‍යාපනය කෙරෙහි යොමුනොවූයේ ඇයිද ? යන්න වෙනම සාකච්ඡා කළයුත්තකි. නමුත් ඔහු සමාජය තුළ අද වෙනත් තරුණ පිරිස් යොමුවන අයතා ආදායම් මාර්ග කෙරෙහි යොමු නොවීම අගය කළයුත්තකි.
    ලොවි නම් තිත්ත රස, ඇඹුල් රස සහ පැණි රස ආදීවශයෙන් පවතින විවිධ රසයෙන් යුතු පලතුරකි. නමුත් ජීවිතය එසේ රහකර ගැනීම ලෙහෙසි නැත. පාන්දර 2.00ට පමණ අවධිවන බවත්, ලොරිවල නැග තැන් තැන් වලට යන අතර මේ සඳහා යම් කැපකිරීමක් කළයුතු බවත් අසිත පවසයි. නමුත් ඔහු පවසන්නේ විවිධ ප්‍රශ්ණ මැද වුවද ජීවිතයේ තමන් දකින විනෝදයද ලබා ගනිමින් ජීවිතය ගෙවා දමන බවය.
    : මේ අනුව අපි ඔහුගේ ජීවිතය නිවැරැදිව සාර්ථකත්වය කරා යොමුකර ඉදිරි ගමනක් යාම සඳහා සුභ පතමු.
    සැම්සන් ඥානසිරි
IMG 20220130 WA0015

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here