ලේක්හවුස් ආයතනය විසින් ‘තිනකරන්’ දෙමළ දිනපතා පුවත්පතේ 92 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික සම්මාන උළෙලේදී මාධ්‍යවේදි එම්.ජේ.එම්.තාජුඩීන් මහතා විශේෂ සම්මානයකින් පිදුම් ලැබිණි. තාජුඩීන් මහතා මිගමුව තිනකරන් වාර්තාකරුවෙකු ලෙසත් , ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙමළ මාධ්‍ය අංශයේ මාධ්‍යවේදියෙකු ලෙසත් සේවය කරන ලදී. මිගමුව සම්බන්ධයෙන් ආගමික හා සංස්කෘතික ලිපි රැසක් පළකල ඒ මහතා පලඟතුරේ ඉතිහාසය සම්බන්ධයෙන් ග්‍රන්ථයක් පළකොට තිබේ.


එස්.එම්.එස්.මුනිර්
මිපුර – පුරවැසි මාධ්‍යවේදී