2005 අප්‍රේල් 28 වැනිදා බම්බලපිටිය පොලිසිය අසලදී පැහැරගෙන ගොස් පසුදා පාර්ලිමේන්තුව අසලදී මළ සිරුරක් සොයා ගත් මාධ්‍යවේදිනී තාරකී සිවරාම් (ධර්මේරත්නම් සිවරාම් ලෙසද හැඳින්වේ) ගේ මරණය පිළිබඳ විමර්ශනය ද ඇතුළු ආන්දෝලනාත්මක 2015 බැඳුම්කර ගනුදෙනුව සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ඇතුළු ප්‍රමුඛ පෙළේ සිද්ධීන් හතක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබුණේ 2024 ඔක්තෝබර් මාසයේදිය
. ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සහ 2011 වසරේ යාපනයේ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගනාදන් යන ක්‍රියාකාරීන් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ඊට ඇතුළත්ය
පුනරුද ආණ්ඩුව මේ පොරොන්දුව දි තිබුනේ මහමැතිවරණයට මසකට පෙරදිය.
සිවාරම්ගේ ඝාතන පරික්ෂණ කඩිනම් කිරිමට රජය කර තිබුන නියෝගය ඒ් දිනවල උතුරු නැගෙනහිර ජනයා ඒ පිළිබද සිය ප්‍රසාදය පළකළ බව එහි සිටින අපගේ මාධ්‍යවේදින් අප හට කියා සිටියහ.
එමෙන්ම ඔවුන් තවදුරටත් ඉල්ලා සිටින්නේ මෙය දෙමළ ඡන්ද ආකාර්ශනය කරගැනිම සදහා ගත් පියවරක් සේ නොපෙන්නට නම් ඝාතනයට ලක්වු අනෙකුත් මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් ගැනද පරික්ෂණ කඩිනම් කිරිමට පියවර ගත යුතු බවය.
එහෙත් ආණ්ඩුවට සිවරාම් ගැන දුන් පොරොන්දුව අමතක වි ඇත. ඉන් කියැවෙන්නේ කුමක්ද ? නොවැම්බරයේ පැවැත්විමට නියමිතව තිබු මහමැතිවරණයේදි දමිළ ඡන්ද ආකාර්ශණය කර ගැනිම සදහා බව දැන් වඩාත් පැහැදිලිය.
ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් සේවකයන් ගැන පුනරුද ආණ්ඩුව හා අනෙකුත් සියළු ආණ්ඩු යුක්තිය ඉටකර තිබුනේ නැත.