ලසන්ත වික්‍රමතුංග මහතා සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු වාර්තා කළ මාධ්‍යවේදී කසුන් පුස්සවෙළ ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයන්හී නිර්ලජ්ජිත ප්‍රකාශයන් කිරීමට වත්මන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ක්‍රියාකරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නජිත් ඉන්දික හා නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන අය නීතිපතිවරයා හා ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව පිළිබදව ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ පලකර ඇති සටහන් තුළ ඔහුව පෞද්ගලිකව ඉලක්ක කරමින් පහර ගසන ආකාරයක් දැක ගත හැකියි.
![](https://i0.wp.com/www.news19.lk/wp-content/uploads/2025/02/001.jpg?resize=696%2C555&ssl=1)
මාධ්‍යවේදී කසුන් පුස්සවෙළ පලකර ඇති ඉහත සටහන සඳහා ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නජිත් ඉන්දික දක්වා ඇත්තේ මෙවන් අදහසක්,
“ආණ්ඩුව මේ දේවල් හෑල්ලු කරමින් ඉන්නවා” කියල වේගයෙන් කියන්න පුස්සවෙලට තියන තදියමට හේතුව නම් මම දන්නෙ නැහැ. මට ඒක දැනගන්න විශේෂ උවමනාවකුත් නැහැ.
නමුත් අවුරුදු ගාණක් එක තැන නැවතිලා තිබුණු ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව නැවත රීඕපන් කළේ මේ ආණ්ඩුව.
තාම ආණ්ඩුවට මාස හතරයි. 2009 ඉඳන් අවුරුදු 16 ක් යටගහල තිබුණු, සාක්ෂි පුලුවන් තරම් මකපු විමර්ශනයක් මාස හතරෙන් ඉවර කරන්න කාටවත් බැහැනෙ. දැන් නිකන් සියල්ල අවසන් වගේ තීන්දුත් දීලනෙ ඔයාල කතා කරන්නෙ.
දැන් පුස්සවෙලට අනුව, මෙච්චර කාලයක් මේ ප්‍රශ්නය කරතියාගෙන ගිය සහ මේක රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් වෙන මට්ටමට ප්‍රමුඛත්වයක් දුන්නු, ඒ වගෙම අවුරුදු 16 කට පස්සෙ මේ ගැන විමර්ශනය හරියට ආරම්භ කරන්න මුල්වුණු, ජනාධිපති අනුර දිසානායකටත්, මේ ආණ්ඩුවටත් මේ අපරාධ ගැන සාධාරණයක් විමර්ශනයක් කරන්න උවමනාවක් නැද්ද? එහෙනම් කාටද උවමනාවක් තියෙන්නෙ මේකට? ඔයාට විතරමද?
ආණ්ඩුව පත්වෙලා මාස හතරයිනෙ කසුන්. ඔයා මෙහේ නැතිවුනත් මේවට බෙල්ල දීගෙන අපි මේ රටේ ඉන්නවනෙ. මේ සිද්ද වෙන, සිද්ද කරන හැම දේකටම අපි අපේ ඇඟ දෙනවා. වගකියනව. ඒ වෙනුවෙන් වන්දියක් ගෙවන්න වෙනවනන් අනාගතේදි ඒකත් ගෙවනවා. වැරදිලා හරි මේ ජයග්‍රහණය ආපහු හැරවුනොත් අපිට පුද්ගලිකව ගෙවන්න වෙන වන්දිය හුඟක් ලොකුයි. ඒ නිසාම ඔයාට වඩා මේ හැමදෙයක්ම ගැන “අමාරුවක්” අපිට තියෙනවා. “ෆේස්බුක් සංවාද” වලට පැටලෙන්නෙ නැතුව ඉන්න උත්සාහ කළත් ඔයාල මේ මැදිහත්වෙන ආත්මවාදී, පුද්ගලවාදී ස්වභාවය වර්ධනය වෙන්න පුලුවන් තැනක් සහ මේ ප්‍රස්තූථ කාරණයටම ඒකෙන් වෙන්න පුලුවන් හානිය පේන නිසයි අකමැත්තෙන් වුණත් මේ කමෙන්ට් එක දාන්නෙ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, ඔයාල මේ කාරණයෙදිත් හැසිරෙන්න අර 2022 අරගලයෙදි වගේම තමයි. අවසාන ප්‍රතිඵලය ගැන කිසිදු වගවීමක් නැතිව Gohome විතරක් කියලා මේ රටට රනිල් වික්‍රමසිංහ කියල ජනාධිපති කෙනෙකුත් හදලා දීල, IMF ගිවිසුමකටත් යන පාරකට දාලයි ඒක ඉවරවුණේ. මේ ආණ්ඩුව හදන්න මුල්වුණු මේ රටේ මිනිස්සු ඒ කාලය පුරාමත් ඊට පස්සෙ යන්තම් අවුරුදු දෙකකුත් දඟලලා, මහන්සිවෙලා තමන්ගෙ ආණ්ඩුවක් හදලා ආයෙත් මේ රට ප්‍රකෘති තත්වෙට ගන්න පටන් ගත්ත මොහොතෙවත් අර වගේ “එන්ඩ් රිසල්ට්” එක ගැන හිතන්නෙ නැතුව ළඟ නමන එක පොඩ්ඩක් පාලනය කරගන්න කියල ඉල්ලන්න කැමතියි.
අවසාන වශයෙන් කිව්වොත් ආණ්ඩුව නෙමෙයි, මේ ක්‍රියාවලියේ තියෙන නීතිමය තත්වය, තාක්ෂණික කරුණු, වර්තමාන තත්වය වගේ කිසිවක් සලකන්නෙ නැතුව, කොහේ හරි ඉඳගෙන ෆේස්බුක් වීරයන් වෙන්න යන මිනිස්සු තමයි ඇත්තටම මේ ක්‍රියාවලිය හෑල්ලු කරන්නෙ.
කණගාටුයි!
ඊට පිළිතුරු සපයමින් මාධ්‍යවේදී කසුන් පුස්සවෙළද අදහස් පලකර තිබුණා,
“ඔයා ඉන්න ආණ්ඩුවෙ ජනාධිපති එක්ක ඔයාට වඩා බොහොම කාලෙක ඉඳන් මේ නඩු ගැන අරගලේ ගැන අපි කතා කලා. ඒව සමහරක් පැලවත්තෙදි වගේම වෙනත් තැන්වලත් සිදු වුණා. ඔයා ඒව දැනගන්න විදියක් නෑ මොකද අද අපියි බෙල්ල දෙන්නෙ අපියි කොරන්නෙ කිව්වට ඔයා කොහෙද එහෙනම් රාජපක්ෂල බලයෙ ඉද්දි, දින 52කේදි ආණ්ඩු එද්දි හිටියෙ කියල වගෙම ලසන්ත ගැන අහන්න මට තියෙන අයිතිය, හදිසිය කියල මම අහන්නෙ නෑ. මොකද ඔයා එතකොට ඔයාගෙ පවුල හා පෞද්ගලික පරිසරය එක්ක වැඩ කරද්දි බෙල්ල දුන්නෙ අපි. මම ඔය රටේ නැත්තෙ අවුරුදු දෙකයි. ඒකත් මේ සදාකාලික නතර වෙන්නවත් වෙන දේශපාලන මගුලකටවත් ආවෙ නෑ. ලසන්තගෙ පත්තරේ අන්තිම වෙනකම් හිටපු ප්‍රවෘත්ති කතුවරය මම. ඔයාට මාස 4 වුණාට මට අවුරුදු 15ක ආසන්න ජනමාධ්‍ය සහ මේ නඩු ගැන බැඳීමක්, වගවීමක්, වගකීමක් තියෙනව. ඔයාගෙ බෙල්ල තියන්න ගොඩක් කලින් ඉඳන් වගෙම හෙට වෙනකනුත් බෙල්ල තියල ඉවරයි අපි. අපිව මරන්න ඕන කිව්වෙ එහෙනම් රාජපක්ෂල රනිල්ල මෛත්‍රීපාලල බලයෙ ඉද්දි උසාවි ඇතුළෙ. ඔයාට ඕන්නම් ඒවට අදාල උසාවි නියෝග, සාක්ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කිරීමේ අධිකාරිවල, මානව හිමිකම් කොමිෂන්වල වාර්තා එවන්නම් බලන්න. ලඟ නමන්න කියන්නෙ නෑ. හැබැයි මහජන අභිලාෂය වගෙම මැතිවරණ වේදිකාවල මොර දෙන්න කලින් එහෙනම් ඕකම කියන්න තිබුණ. ඔයාලගෙ රිදීමේ සහ ඕනම ජරාවක් සේදීමේ අනුපාතයට අපිව අදාල කරගෙන අපිට ගහන්න එන්න එපා. ඊට කලින් ඔයාගෙ උඩ අයගෙන් අහල බලන්න මොනවද අපි කිව්වෙ මොනවද ලිව්වෙ කියල. අනික අපිට වීරයන් වෙන්න බුකියවත් දේශපාලන ලැයිස්තු බලයවත් අවශ්‍ය නෑ නජිත්. ඉතිහාසය, ඉතිහාසයෙ සහ වර්තමානයේ අපේ සමාජ කාර්‍ය මහජනතාව අනාගතයෙදි තීරණය කරාවි. ඒක මේ දේශපාලන බලයට මුවා වෙලා චන්ඩිපාට් දානවට වඩා අමාරු වගවීමක්. ඒවයෙ අමාරුම කාලවල වන්ඳි මගෙ ගුරුවරුන් මගෙ දෙමාපියන් සහ මම ඕන තරම් ගෙව්වා.”
ජනාධිපතිවරයාගේ ඩිජිටල් ආර්ථික උපදේශකවරයා වන ඩයලොග් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂකවරයා වූ හාන්ස් විජේසූරිය මහතා සම්බන්ධයෙන් මාධ්‍යවේදී කසුන් පුස්සවෙළ පලකර සටහනකට ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය දැඩි වාචික ප්‍රහාර එල්ල කර තිබුණා.
එහිදී ඔහුගේ පෞද්ගලිකත්වයද ප්‍රශ්න කරමින් මේ වන විට කසුන් පුස්සවෙළ මහතා විදෙස්ගතව සිටින්නේ ඇයිද? ඒ අමාරුව නිසාද ඉතින් ඔයා එංගලන්තයට වෙලා ඉන්නේ? මොකක් හරි හිතුනාම ලියලා තමනුත් ඉන්නවා කියලා පෙන්වන එකද ඔයාගේ දේශපාලනය? ලසන්ත වෙනුවෙන් ඔයාට වඩා කතා කරපු..ඒ නඩු වෙනුවෙන් ඔයාට වඩා මහන්සි වුණා අය ආන්ඩුවේ ඉන්නවා වැනි උද්දච්ඡ කරුණු රැසක් ඇය ඔහුගේ සටහනට ප්‍රතිචාර වශයෙන් පලකර තිබෙනවා.
එම Facebook සටහන හා ඊට පලකර ඇති මන්ත්‍රී සටහන් පහතින්,
ලසන්ත වික්‍රමතුංග මහතාට අයත්ව තිබූ ‘ඉරුදින’ පුවත්පතේ අවසාන ප්‍රවෘත්ති කතෘවරයා ද වූ මාධ්‍යවේදී කසුන් පුස්සවෙළ මහතා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙලෙස නිර්ලජ්ජිත ලෙස සමාජ මාධ්‍ය තුළ විවේචනය කිරීම ජනමාධ්‍ය සමාජය තුළ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.
news19