මාධ්‍යවේදී හියුබට් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු. …

0
62

මාධ්‍යවේදී හියුබට් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු. …

මාධ්‍යවේදියෙකු වශයෙන් වසර ගණනාවක් මීගමුවට විශිෂ්ට සේවාවක් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හියුබට් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත. දවස පුවත්පතෙන් වාර්තාකරණය ආරම්භ කළ ඒ මහතා ලංකාදීප සහ දිනමිණ පුවත්පත්වල කටයුතු කරන ලදී .
මේ වනවිට ඔහුගේ දේහය කුරණ, 20 කණුව, ගුවන් හමුදා කඳවුර පාරේ, පිහිටි නිවසේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු 14 වෙනි දින සවස 3 ට කුරණ ශා.ආනා රෝ.ක. දෙව් මැදුරේ දි සහ එම සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

වසර 40 කට වැඩි කාලයක් මීගමුව හා කටුනායක ගුවන්තොටුපළ ඇතුළු ව ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ඒ මහතා එක්දරු පියකි.

මීගමුව සර්වාගමික ජනතාවක් වෙසෙන නගරයක් වන අතර කිසිදු භේදයකින් තොරව අගනා සේවයක් කළ හියුබට් ප්‍රනාන්දු මහතා මීගමුවේ පාසල්වල ප්‍රවෘත්ති වාර්තාකරණයේදී කළ ඉමහත් සේවය ගැන කවුරුත් ප්‍රශංසා කරති.

අධිකරණමය වාර්තාකරුවකු වශයෙන් බොහෝ කලක් සේවය කළ ඒ මහතා පල කළ යුතු දේ නොබියව පළ කිරීමට ඉදිරිපත් විය. ඉවසීම ඔහුගේ ජීවිතයෙන් ප්‍රබලව විද්‍යාමාන වූ අතර සියලුම මාධ්‍යවේදීන් සමග ඔහු සුහදව කටයුතු කළේය. උසස් සමාජය අතරද සාමාන්‍ය ජනතාව අතර ද ඔහු මාධ්‍යවේදියෙකු වශයෙන් සුවිශේෂී පුද්ගලයකු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here