මාධ්‍යවේදින්ට බාධා කළ මිගමු පොලිස් ලොක්කා කව්ද ?

0
81

Screenshot from 2020-08-04 06-53-36Screenshot from 2020-08-04 06-53-34Screenshot from 2020-08-04 06-53-41අන්ත දුෂිත බන්ධනාගාර නිළධාරියෙකු වු අනුරුද්ධ සම්පායෝගේ සිදුවිමේදි මිගමුව පොලිසියේ හැසිරිම මේ වන විට දැඩි දෝෂදර්ශණයට ලක්වෙමින් තිබේ. මේ පිළිබදව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් අධිකරණයේදිද සදහන් කර තිබුණි.
මේ අතර සම්පායෝගේ පාසැල් මිතුරෙකැයි කියන මිගමුව මුලස්ථාන පොලිස්පරික්ෂක වුඩ්ලර් මහතා ගැන මාධ්‍යවේදින් පාවා මාධ්‍ය හමුවකදි ප්‍රශ්ණ කරන්නට යෙදුණි.
මිගමුව පොලිසියට  සම්පායෝ ගෙන ආ අවස්ථාවේදි සම්පායෝට ඉතාමත් පක්ෂපාති ආකාරයකින් කටයුතු කළායැයි කියන මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර්ගේ හැසිරිම ගැන දැනටමත් මාධ්‍ය වලින් විවේචන ඉදිරිපත් වන්නට පටන් ගෙන තිබේ.
මේ අතර සම්පායෝ අත්අඩංගුවට ගෙන මිගමුව පොලිසියට ගෙන ආ අවස්ථාවේදි එහි සිටි එක් පොලිස් නිළධාරියෙකු මාධ්‍යවේදින්ට බාධාකරමින් ඇගිල්ල දිගුකරමින් තර්ජනය කරමින් කටයුතු කර තිබුණ ආකාරය ඊයේ දෙරණ පුවත් විකාශයේදි රටටම පෙන්වා දි තිබුණි.
මිගමුව පොලිසිය තුල ඔහු මෙසේ චණ්ඩියෙකු සේ හැසිරෙන්නේ සම්පායෝගේ පාසැල් මිතුරා වන මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතාගේ නියෝගයක් මතදැයි මිගමුවේ මාධ්‍යවේදින් විසින් දැනටමත් ප්‍රශ්ණ කර තිබේ.
කෙසේ වෙතත් මිගමු මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතාගේ පක්ෂග්‍රාහි වෘත්තිය භාවය මිට පෙර අවස්ථා කිපයදිම ප්‍රශ්ණකාරි වි තිබුණි.
පසුගිය වෙසක් පෝ දින සුනඛ සුරතලෙකු විශ්‍රාමික පොලිස් ලොක්කෙකු විසින් වෙඩි තබා ඝාතනය කළ අවස්ථාවේදි අදාල පොලිස් ලොක්කාට පක්ෂග්‍රාහි ලෙස වුඩ්ලර් මහාතා කටයුුතු කර තිබුණ බව සුනඛ සුරතලාගේ හිමිකරු වන බ්‍රිටෝ ප්‍රනාන්දු විසින්ම චෝදනා කර තිබුණි.
කෙසේ වෙතත් සහකාර පොලිස් අධිකාරිවරයෙකු විමේ සිහිනය දකිමින් සිටින මිගමුව මුලස්ථාන පොලිස්  පරික්ෂක වුඩ්ලර් මහතා දැනටමත් සිය පක්ෂග්‍රාහි වෘත්තිය මැදිහත්විම් නිසා බරපතල විවේචනයකට ලක්විමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here