කොරෝනා ආසාදිතයන්ගේ පුද්ගලිකත්වය බල්ලට දමමින් සිය මාධ්‍ය හාම්පුතා පිනවිම සඳහා මේ දිනවල ජඩ මාධ්‍යකරණයක නියැලෙන රිපෝටර්ලා පිලිබදව පුලුල් සංවාදයක් දැනටමත් සමාජ මාධ්‍ය ඔස්සේ මතුව තිබේ.
සැබැවින්ම මාධ්‍ය ආචාර ධර්ම නැති දේශපාලන වහල්ලුන් විසින් සිය ලාබය පිණිස පවත්වාගෙන යන මාධ්‍ය ආයතනවලට නිව්ස් කැලි විකුණා බඩවියත රැකගන්නා බහුතරයක් රිපෝටර්ලාටද ආචාර ධර්ම නැත.
හාම්පුතාට නැති දේවල් එහි සේවයකයන්ට තිබිය හැකිද ?
මේ කරුණ අරභයා අද දැවැන්තම විහිළුව වි ඇත්තේ මිගමුව නගරාධිපති දායන් ලංසාට හදිස්සියේ මාධ්‍ය ආචාර ධර්ම මතක් වි තිබිමය.






ඇත්තම කරුණ නම් දායන් ලංසා කියන අන්දමේ මිගමුවේ සහ අවට ඇතැම් මාධවේදින් සිටින්නේද මේ ලංසාලාගේ පවුලේ රෙද්ද අස්සේවිමය.
අනික් විහිළුව නම් මහනගර සභාවේ මහසභා රැස්විම වාර්තා කරන්නට පැමිණි මාධ්‍යවේදියෙකුට මහනගර සභා භුමිය තුලදිම පොල්ලකින් ගැසු දයාන් ලංසාට මාධ්‍ය ආචාර ධර්ම මතක් විමය.
මේවැනි ලාභ උපදෙස් දයාන් ලංසාල වැනි කලු සල්ලි දේශපාලකයන්ට දෙන උපදේශකයන්ටත් වචනයක් කිව යුතුය.,මාධ්‍ය ආචාර ධර්ම ගැන ලංසාල වැනි මජර දේශපාලකයන් ලවා මේ මොහොතේ අදහසක් දක්වා දයාන් ව පොරක් කරන්නට හිතපු සියලු දෙනාද හොදම තක්කඩියන් බවය