මාධ්‍යවේදියෙක්ට පොල්ලෙන් ගහපු මිගමු නගරාධිපති දයාන් ලංසාට මාධ්‍ය ආචාර ධර්ම මතක්විම ?????

0
239

දායාන්

 

කොරෝනා ආසාදිතයන්ගේ පුද්ගලිකත්වය බල්ලට දමමින් සිය මාධ්‍ය හාම්පුතා පිනවිම සඳහා මේ දිනවල ජඩ මාධ්‍යකරණයක නියැලෙන රිපෝටර්ලා පිලිබදව පුලුල් සංවාදයක් දැනටමත් සමාජ මාධ්‍ය ඔස්සේ මතුව තිබේ.
සැබැවින්ම මාධ්‍ය ආචාර ධර්ම නැති දේශපාලන වහල්ලුන් විසින් සිය ලාබය පිණිස පවත්වාගෙන යන මාධ්‍ය ආයතනවලට නිව්ස් කැලි විකුණා බඩවියත රැකගන්නා බහුතරයක් රිපෝටර්ලාටද  ආචාර ධර්ම නැත.
හාම්පුතාට නැති දේවල් එහි සේවයකයන්ට තිබිය හැකිද ?
මේ කරුණ අරභයා අද දැවැන්තම විහිළුව වි ඇත්තේ මිගමුව නගරාධිපති දායන් ලංසාට හදිස්සියේ මාධ්‍ය ආචාර ධර්ම මතක් වි තිබිමය.

ආදරණීය සහෝදර සහෝදරියනි ,
ඔබේ අසල්වැසි හෝ ඔබේ සේවා ස්ථානය අසල කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු ගිලන් රථයකින් නිරෝධායන මධ්යස්ථානයකට ගෙන යන විට, කරුණාකර වීඩියෝ හෝ පින්තූර ගන්න එපා, අධෛර්යමත් කරන්න එපා . ඡායාරූප ගනිමින්. පුද්ගලයා අපහසුතාවයට පත් කරන්න එපා .
ඒ වෙනුවට ඔබ ඔහුට හෝ ඇයට දුරින් සිට වචනයෙන් සුභ පතන්න, ඉක්මන් සුවය ප්රාර්ථනා කරන්න. වෛරසය පැතිරෙන ආකාරය අනුව , බොහෝ විට නොදුරෙදීම ඒ ඉරණම අත්වෙන්න පුළුවන් . කරුණාකර තේරුම් ගන්න අප කුමක් කළ යුතුද යන්න.
කරුණාකර :
1. ඔහුට / ඇයට ගරු කරන්න
2. ඔහු / ඇය වෙනුවෙන් දෙවියන් යදින්න
3. ඔබ හොඳ මිනිසෙකු බව ඔහුට / ඇයට හැඟෙන්න සලස්වන්න
4. අන් අය අතර භීතිය හා “අපහාසයට” පතුරවන්න එපා . .
ඔහු හෝ ඇය අපරාධකරුවෙක් නොව අසනීපන් බව මතක සිහියේ තබාගන්න . ඔහු හෝ ඇය සුව වනු ඇත, නමුත් අප ඔහුට / ඇයට සැලකූ ආකාරය පිළිබඳ මතකය ඔහු / ඇය සමඟ සදහටම රැඳෙනු ඇත !!
අපි හැමෝම එකට මේ සටනේ ඉන්නවා !!
අපි ආදරය පතුරුවා විශ්වාසය ගොඩනඟමු.ආරක්ෂිත වන්න, නිවසේම රැඳී සිටින්න .හැමෝවම බලාගන්න
[සෑම දෙනාගේම දැනුවත්භාවය වෙනුවෙන් ශෙයා කරන්න අමතක කරන්න එපා ]
(මීගමු නගරාධිපති දයාන්  ලංසාගේ බුකි පිටුවෙනි )

 

ඇත්තම කරුණ නම් දායන් ලංසා කියන අන්දමේ මිගමුවේ සහ අවට ඇතැම් මාධවේදින්  සිටින්නේද මේ ලංසාලාගේ පවුලේ රෙද්ද අස්සේවිමය.
අනික් විහිළුව නම් මහනගර සභාවේ මහසභා රැස්විම වාර්තා කරන්නට පැමිණි මාධ්‍යවේදියෙකුට මහනගර සභා භුමිය තුලදිම පොල්ලකින් ගැසු දයාන් ලංසාට මාධ්‍ය ආචාර ධර්ම මතක් විමය.
මේවැනි ලාභ උපදෙස් දයාන් ලංසාල වැනි කලු සල්ලි දේශපාලකයන්ට දෙන උපදේශකයන්ටත් වචනයක් කිව යුතුය.,මාධ්‍ය ආචාර ධර්ම ගැන   ලංසාල වැනි මජර දේශපාලකයන් ලවා  මේ මොහොතේ අදහසක් දක්වා දයාන් ව පොරක් කරන්නට හිතපු සියලු දෙනාද හොදම තක්කඩියන් බවය