මේ කොන්ත්‍රාත්තුව පිටුපස සිටින මීගමුව නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා කලකට ඉහතදි තමන්ගේ අතිජාත වෛරක්කාරාව සිටි නගරාධිපති ඇන්ටනි ජයවීර හා එක්ව පවුල් පිටින් වතිකානුවට යෑමට විසා සදහා ඉල්ලුම් කර ඇතැයි වාර්ථා වේ.
මේ වතිකානු ගමන ජුනි මස 25 වනදා ට යෙදි ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග දක්වා සිටි.
එකිනෙකාට එරෙහිව චෝදනා එල්ල කරගනිමින් සිටි නියෝජ්‍ය නගරාධිපති හා නගරාධිපති අතර හාද කම ඇති කරන ලද්දේ මීගමුව නගර සභා භුමියේදි ඉදිකරන්නට නියමිතව ඇති ලක්ෂ 1600 ක් වැය වන පුස්තකාලයක් විසිනි.
පුස්තකාලයක් මේ දෙදෙනාව මිතුරන් කළේ කෙසේ දැයි හොදින්ම දන්නේ ඔවුන් දෙදෙනාමය.
කෙසේ වෙතත් මෙවන් ගමන් සංවිධානය කිරිමය උදව්කරන කතෝලික පල්ලියේ සියළු ප්‍රධානින් වෙතද කොන්දේසි විරහිතව විරෝධයන් එල්ල කළ යුතුව අැතැයි නම සදහන් කිරිමට අකමැති වු පියතුමෙක් මිපුර වෙබ් අඩවියට කියා සිටියේය.
කෙසේ වෙතත් මාධ්‍යවේදියෙකු ඝාතනය කිරිමට තැත්කිරිමේ බරපතල චෝදනාවක් ලැබ සිටින දයාන් ලංසාට ඉතාලි විසා ලබාදෙන්නේ කෙසේදැයි ප්‍රශ්ණ කරමින් ජාතික හා අන්තර් ජාතික සංවිධාන ගණනාවක් මේ වන විටත් අදාල බලධාරින් වෙත සිය විරෝධය සටහන් කර ඇති අතර ඒ සියලු විරෝධයන් වතිකානුව වෙතද ඉදිරිපත් කිරිමට කටයුතු කිරිමට බලාපොරොත්තුව වන කියා සිටි.
Save
Save
Save
Save