මාධ්‍යවේදියෙකු සහ රම්පා පදුරක්

0
1523

මෙම රම්පා  පදුර පිළිබද කතාව අවුරුදු දෙකකට පමණ පෙර පරණ කතාවකි.
මෙම ඡායාරූපයේ දිස්වන්නේ මිගමුව  ලක්බිම වාර්තාකරු රේමන්ඩ් අපෝන්සු මහතා විසින් ගත් මල් පිපී තිබූ  රම්පා පදුරු කීපයකි. ඔහුගේ ගෙවත්තේ  මේ රම්පා පදුර සරුවට හැදීවැඞී මල් පිපී තිබූණි. නමුත් මේ රම්පා පදුර එම ගෙවත්තේ තිබූ අවසාන දවස ඒ දවස පමණි. ඩෙංගු වසංගත හේතුවෙන් පැමිණුන පරිසරයේ ඇති ගස් කැපීමේ වසංගතය නිසා ඔවුන්ට ද මේ රම්පා පදුර අකමැත්තෙන් වුව කපා දමන්නට සිදුවුණි.   ලස්සනට මල් පිපී තිබූ රම්පා පදුර කපන්නට ලෝභ සිතුණ නිසා ඔහු අවසාන වරට ඒවායේ ඡායාරූප කීපයක් ගත්තේය. ඉන් පසුව රම්පා පදුරු කපා දැමුණි.

මේ එදා ඔහු ගත් ඡායාරූපයි… රම්පා පදුර නැති වුවත්තවමත් මීගමුවේ ඩෙංගු උවදුරඅවසන් වී නැත. මේ ආකාරයට පසුගිය අවුරුදු කීපය තුළ බොහෝ අය තමන්ගේ ගෙවත්තේ තිබූ සමහර මල් වර්ග, ශාක වර්ග අකමැත්තෙන් විනාශ කළ අත්දැකීම් ඕනෑ තරම් තිබිය හැක.

                                                                         මාධ්‍යවේදී රේමන්ඩ් අපෝන්සු මහතා

ඡායා – රේමන්ඞ් අපෝන්සු