මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට පහරදිමේ නඩුව හෙට ! පොලීසිය දයාන් ලංසාගේ පැත්තේද ? යහපාලනය පැත්තේද ? තිරණය හෙට ?

0
84

FG attack 15මීපුර වෙබ් අඩවියේ කර්තෘ සහ වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ප්‍රෙඩී ගමගේට එල්ල කරන ලද මැර ප්‍රහාරය පිළිබද නඩුව හෙට ( 2017 අප්‍රේල් 25 වනදා ) මීගමුවේ මහෙස්ත්‍රාත් අධිකරණයේදි පැවැත්වේ.
පසුගිය නඩුවාරයේදි ද පැලියගොඩ පොලිසියේ විශේෂ විමර්ශන නිළධාරින්ට ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිර වැලිවත්ත මහතා විසින් කරණු ලැබු නියෝගය පිළිපැදිමට නොහැකිව තිබුණි.
එනම් මෙම නඩුවට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් පිළිබදව අධිකරණයට පැහැදිලි ලෙස දැනුම් දිම පිළිබදවය. ඒ සදහා නිතිපති දෙපාර්තමේන්තුවේ උපදසේ පතන ලෙස පොලිසිය වෙත නියෝග දි තිබුනේ නඩුවාර කිපයකට පෙරදි වුවද නඩුව පැවැති හැම අවස්ථාවකදිම පෑලියගොඩ පොලිසියට එකි නියෝගය පිලිබදව පැහැදිලි පිළිතුරක් නොමැති විය.
ඒ අනුව ගරු ප්‍රධාන මහෙස්ත්‍රාත්තුමා විසින් පොලිසිය වෙත ලබාදුන් අවසන් දවස වන්නේ හෙටය.
මැර ප්‍රහාරයක ලක්වු මාධ්‍යවේදි ප්‍රෙඩී මහතා වෙනුවෙන් නීතිඥ දත්ත නිරංජන ,සහ නීතිඥ චාමර ජයසිංහ යන මහත්තුරුන් පෙනි සිටිමින් ඉල්ලා සිටියේ  ප්‍රහාරය සිදු වු දිනයේ මැර ප්‍රහාරකයන් හා හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා අතර දුරකථන ඇමතුම් 15 ක් හුවමාරු වි ඇති බවත් ඒ අනුව දායන් ලංසාගේ පැහැදිලි සම්බන්ධයක් මේ සදහා ඇති බවත් ඔහුව චුදිතයෙකු සේ නම් කිරිමට පොලිසිය තවමත් අසමත්ව ඇති බවත්ය.
මේ අනුව හෙට දිනය වැදගත් වන්නේ යහපාලන පොලිසියේ දිශාව තේරුම් ගැනිම සදහාය.
මෙම නඩුව පිළිබදව ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන ගණනාවක් මේ වන විටත් විමසිල්ලෙන් සිටිති. එමෙන්ම පසුගිය සැප්තැම්බර් මාසයේදි මේ පිළිබදව විශේෂ පැමිණිල්ලක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස පිලිබද විශේෂ කාර්යාලය වෙතද ඉදිරිපත් කොට තිබේ.
අදහස් පළකිරිමෙ නිදහස පිළිබදව ශ්‍රිලංකා විශේෂ විමර්ශනයක් 2017 ජුනි ජිනිවා නුවරදි පැවැත්විමටද නියමිතය.