මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට පහර දුන් නගර සභා සුළු සේවකයන් වෙනුවෙන් ඇප ඉල්ලිමට ජනාධිපති නිතිඥවරයෙක් මීගමුවට

0
65

13මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි ජුනි 02 වෙනිදා මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට පහර එල්ල කළ නගර සභා සේවකයාගේ සහ ඔහුුගේ සොහොයුරා වෙනුවෙන් අද දිනයේ ඇප ඉල්ලා සිටිම සදහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ජනාධිපති නිතිඥ මහතෙකු  පැමිණ සිටියේය.
පැය එකහමාරක පමණ දිර්ඝ කරුණු ඉදිරිපත් කිරිමක යෙදි සිටි ඔහු ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප ඉල්ලා සිටින බව අධිකරණය හමුවේ කියා සිටියේය.
රු 10000 බැගින් වු මුදල් ඇප දෙකක්ද  රු 50000 බැගින් වු ශරිර ඇප දෙකක් ද මාසය අන්තිමට බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ටාශයේ පෙනි සිටින ලෙසද සාක්ෂිකරුවන් සඳහා කිසිදු බලපෑමක් හෝ තර්ජනයක් සිදුනොකරන ලෙසද වු කොන්දේසි ගණනාවක් යටතේ ඇප ලබාදෙන බවත් එහිදි දිර්ඝ කාලයක් බන්ධනගාර ගතව සිටිමද සලකා බැලු බවත් ප්‍රධාන මහේස්ස්‍රාත් රුචිර වැලිවත්ත මහතා සැකකරුවන් වෙත ඇප ලබා දෙමින් කියා සිටියේය.
විවෘත අධිකරණයෙන් පිටත පැමිණ මාධ්‍යවේදින් හමුවේ අදහස් දක්වමින් මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේ කියා සිටියේ නගරසභා සුළු සේවකයෙකුෙගේ ඇප ඉල්ලිමක් වෙනුවෙන් ජනාධිපති නිතිඥ මහතෙකු මීගමුව අධිකරණයට පැමිණිම මගින්ම තමන් ජුනි 2 වනදා සිදුකරන්නට යෙදුන ප්‍රහාරය පිටුපස සිටින සෑබෑ මොලකරුවා කව්දැයි කදිමට හෙළිදරව් වන බවයි.
මීගමුවේ  කළු සල්ලි වල බලයේ මහිමය අද දිනයේත් යළිත් වරක් සනාථ වු බවද ඔහු අවධාරණය කර සිටියේය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නිතිඥ දන්ත නිරංජන සහ නිතිඥ චාමර ජයසිංහ පෙනි සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ ජයන්ත වීරසිංහ මහතා ඇතුළු නිතිඥ මහතුන් 7 දෙනෙකු පෙනි සිටියේය.
ජනාධිපති නිතිඥ ජයන්ත වීරසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,හිටපු ඇමති බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂලාගේ බොහොමයක් නඩු වෙනුවෙන් පෙනි සිටින නිතිඥ මහතෙකු ලෙසටද ප්‍රකටය.

Save