මාධ්‍යවේදි සූගීර්තරාජන් ඝාතනය කොට වසර 10 යි ? මිනිමරුවන් නිදැල්ලේ ?

0
60
????????????????????????????????????

????????????????????????????????????

”Trinco 5” නමින් ලොව පුරා ප්‍රසිද්ධයට පත්වු ත්‍රිමලයේ සිසුන් 5 දෙනෙකු රාජපක්ෂ රෙජිමයේ කුලි මිනිමරුවන් විසින් ඝාතනය කර තිබුනේ 2006 වසරේ ජනවාරි 02 වනදාය.
රාජපක්ෂ රෙජිමය මෙන්ම දකුණේ මාධ්‍ය බහුතරයක් මේ මරණ ගැන කියා සිටියේ මේ සිසුන් මිය ගොස් තිබුනේ හමුදාවට අටවන්නට ගෙනා බෝම්බයක් පුපුරා යාමෙන් බවය.
එහෙත් රාජපක්ෂ රෙජිමයෙත් ඔවුන් කටහඩ සැපයු අතිබහුතරයක් දකුණේ මාධ්‍යකරුවන්ද අභියෝගයකට ලක්කරමින් නැගි සිටි එක් විරෝධාර නිර්භිත මාධ්‍යවේදියෙකු විය.
ඔහු නමින් සුබ්‍රමනියම් සුගිර්තරාජන්ය.
එවකට ඔහු සේවය කරමින් තිබුනේ සුඩරෝලි පුවත්පතේය.
මිය ගිය සිසුන්ගේ  සිරුරු වල වු වෙඩි උණ්ඩ පහරවල් නිර්භවය ඡයාරූපයට නැගු ඔහු සිය මාධ්‍ය මෙහෙවර හරහා ඔප්පු කර සිටියේ මෙම සිසුන් 5 දෙනා  ලගසිට වෙඩිතබා ඝාතනය කර ඇති බවය.
පශ්චාත් මරණ පරික්ෂණවලදිද හෙලිව තිබුණ මේ සාක්ෂිවලට ජිවය දි තිබුනේ සුගීර්තරාජන්ගේ කැමරා කාචය තුලිනි.
මෙම සිදුවිම නිසා රාජපක්ෂ කුලිහමුදාවන් ඔහු පසුපස ලුහුබැද 2006 ජනවාරි 24 වනදා වෙඩි තබා ඝාතනය කර තිබුණි.
එවකට 35 වැනි පසුවු ඔහු දෙදරු පියෙකු විය.
වයස අවුරුදු 13 සහ 12 පුතෙකු සහ දුවක සමගින් සුගීර්තරාජන්ගේ බිරිද දැනට දිවි ගෙවන්නේ සුගිර්තරාජන්ගේ මව සමගින් කල්මුනේ නගරයේය.
ඝාතනය පිළිබදව පොලිස් පරික්ෂණ නැවති ඇත.
ඝාතකයන් නිදැල්ලේය.
ඝාතනයට ලක්වු කිසිදු දමිල මාධ්‍යවේදියෙකු පිළිබදව පරික්ෂණ ක්‍රියාත්මක නැතැයි යාපනය මාධ්‍ය සමාජයේ වි .දයාබරන් මහතා කියා සිටි.
ප්‍රකට මාධ්‍යවේදියෙකු වු සිවරාම් ඝාතනය කොට වසර 10 ක් පිරිතිබුනේ 2015 අප්‍රෙල් 28 වනදාය.
එහෙත් අදටත් ඒ පිළිබදව කිසිදු පරික්ෂණයක් ක්‍රියාත්මක නැතිවා පමණක් නොව ඒ පිළිබදව කිසිදු තොරතුරක් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව සතුව නැතැයි සැලය.
සුගිර්තරාජන් නම් වු නිර්භිත ප්‍රාදේශිය මාධ්‍යවේදියාගේ  දසවන ඝාතන  සමරුව 2016 ජනවාරි 24 වනදාට යෙදි ඇත.
ඔහුගේ ගම වු කල්මුනේ දි සුගිර්තරාජන් සමරුව පැවැත්විම සදහා නැගෙනහිර  මාධ්‍යවේදින්ගේ  එකමුතුව සහ මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව මේ දිනවල කටයුතු සංවිධානය කරගෙන යමින් සිටින බවද වාර්තා වේ.